Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සන්තෝෂ් සල්ලි මල්ල ගෙනෙයි

සන්තෝෂ් සල්ලි මල්ල ගෙනෙයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නුවරඑළිය තුරඟ තරගාවලි මාලාව යටතේ පැවැති දෙවැනි තුරඟ තරගාවලියේ පළමු සහ දෙවැනි කාණ්ඩවල අසුන් සඳහා පැවැති තරගයේදී ඉර්වාන් සිං විසින් මෙහෙයවන ලද ‘සන්තෝෂ්’ නම් අශ්වයා ජයග්‍රහණය කළේය. ‘සන්තෝෂ්’ අසු සමග පැවති තියුණු තරගයකින් අනතුරුව ‘චාර්ලමේන්’ සහ ‘සිල්වර් ස්ට්‍රික්’ යන තුරඟුන් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ. 

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතින් ‘සන්තෝෂ්’ අසුගේ හිමිකරුවන් සහ පුහුණුකරු එස්.ඩී. මහේෂ් ජයග්‍රාහී කුසලාන සහ රුපියල් 250,000 ක මුදල් ත්‍යාගය ලබාගත්හ. 

එහිදී තෙවැනි කාණ්ඩයේ අසුන් සඳහා පැවැති තරගය ඉර්වාන් සිං විසින් මෙහෙයවන ලද ‘ග්ලිටරින්’ නම් අශ්වයා ජයගත්තේය. මීටර් 1400 ක දුරකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි ස්ථානය ‘ගසාකි’ නම් අශ්වයාද තෙවැනි ස්ථානය ‘ඇරබියන් ගෝල්ඞ්’ නම් අශ්වයාටද හිමිවිය. 

කොළඹ තුරඟ තරග සමාජය පාස්කු සැමරුම වෙනුවෙන් සංවිධානය කළ මෙම තරගාවලිය තරග 4 කින් සමන්විත වූ අතර එහිදී අසුන් 39 ක් තරග වැදිණ. එම තරග 4 න් 3 කදීම තමා මෙහෙයවූ අසුන් ජයටැඹ කරා රැගෙන යෑමට අසරු ඉර්වාන් සිං සමත් විය. තරග 4 දීම ජය ලැබූ අසුන්ගේ පුහුණුකරු ලෙස එස්.ඩී. මහේෂ් මහතා කටයුතු කිරීමද කැපී පෙනෙන සිදුවීමක් විය. 

මෙම තරගාවලියෙන් පසු නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් අප්‍රේල් 15 වැනිදා සහ 28 වැනිදා යන දිනවලදී ‘මැජික් මිලියන්’ කුසලාන සහ ‘ආණ්ඩුකාර’ කුසලාන ලෙස තවත් තරගාවලි 2 ක් පැවැත්වීමට රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය කටයුතු යොදා තිබේ. 

තරග වැදුණ අසු, එම අසු මෙහෙය වූ අසරුවා සහ අසුගේ පුහුණුකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ. 

තරග ප්‍රතිඵල 

පස්වැනි කාණ්ඩයේ අසුන් සඳහා පැවැති තරගය (මීටර් 1070)

1 සූලූ ෆැන්ටසි - එල්. දයාලන් - එස්.ඩී. මහේෂ්

2 ක්‍රාබි 

3 කොස්මොපොලිටන් 

සිවුවැනි කාණ්ඩයේ අසුන් සඳහා පැවැති තරගය (මීටර් 1070)

1 ස්ටෝමොන්ට් - ඉර්වාන් සිං - එස්.ඩී. මහේෂ් 

2 අනදර් ඒස් 

3 විගරස් 

තෙවැනි කාණ්ඩයේ අසුන් සඳහා පැවැති තරගය (මීටර් 1400)

1 ග්ලිටරින් - ඉර්වාන් සිං - එස්.ඩී. මහේෂ් 

2 ගසාකි 

3 ඇරබියන් ගෝල්ඞ් 

පළමු සහ දෙවැනි කාණ්ඩවල අසුන් සඳහා පැවැති තරගය (මීටර් 1600)

1 සන්තෝෂ් - ඉර්වාන් සිං - එස්.ඩී. මහේෂ් 

2 චාර්ලමේන් 

3 සිල්වර් ස්ටී්‍රක් 

චන්දිම වීරක්කොඩි මහතා අතින්  සන්තෝෂ් අසුගේ හිමිකරුන් සහ පුහුණුකරු ත්‍යාග ලබාගත් අයුරු

 

 

 

 


අදහස් (0)

සන්තෝෂ් සල්ලි මල්ල ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.