Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු බොක්සිං ශූරතාවලියේ 6 වැනි දිනය වූ අද (5 වැනිදා) පැවැති කාන්තා අර්ධ අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වීමට හේතුවෙන් ශ්රී ලංකා ක්රීඩිකාවන් වන සඳුනි ප්රියදර්ශනීගේ සහ කේෂානි හංසිකාගේ පදක්කම් සිහින බොඳවිය.
කිලෝ ග්රෑම් 52 ෆ්ලයි බර පංතිය යටතේ තරග වැදුණ සඳුනි, අර්ධ අවසන් පූර්ව වටයේදී යුක්රේන ක්රීඩිකා උමන්ස්කා ස්විට්ලානා හමුවේ පරාජයට පත් වූවාය. කිලෝ ග්රෑම් 57 ෆෙදර් බර පංතිය යටතේ තරග වැදුණ කේෂානි අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූයේ පිලිපීනයේ පැසුයිට් රිසා හමුවේය.
මෙම පරාජයන් දෙකත් සමග ශ්රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු ඉදිරි දිනවලදී අර්ධ අවසන් පූර්ව වටය යටතේ තරග වැදීමට නියමිත උමයංග මිහිරාන්, ජයනාත් කුමාර සහ නුවන් ජිනදාස යන ක්රීඩකයන්ගේ කර මතට පැටවී තිබේ.
උස්බැකිස්තානය, කසකස්තානය, චීනය සහ සත්කාරක තායිලන්තය වැනි ප්රබල රයවල්ද සමග රටවල් 21 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් 28 වැනිදා සිට මෙම මස 12 වැනිදා දක්වා තායිලන්තයේ චෑන්ග් චෑන්ග් මෙයිහිදි පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.