Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සම සත්කාරකයෝ එදිරිවාදීහු වෙති

සම සත්කාරකයෝ එදිරිවාදීහු වෙති

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

නැවත වරක් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක කණ්ඩායම් දෙකම අවසන් මහ තරගයේදී පොරට වැටී තිබේ. වසර 2011 ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් මහ තරගයට කී‍්‍රඩා කළේ එවර තරගාවලියේ සත්කාරක රටවල් වූ ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාවයි.

නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවරදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අපි‍්‍රකාව කඩුලූ 4 කින් පරාජය කරමින් නවසීලන්ත පිල අවසන් මහ තරගයට පිවිසි අතර  ඕස්ටේ‍්‍රලියාව අවසන් මහ තරගයට පිවිසියේ හිටපු ලෝක ශූරයන් වන ඉන්දීය පිල ලකුණු 95 කින් පරාජය කරමිනි. මෙම තරග දෙක නිමාවීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරයෝ එදිරිවාදීහු වී සිටිති.

හත් වතාවකදීම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් නවසීලන්ත පිලේ පළමු වැනි ලෝක කුසලාන අවසන් මහ තරගය මෙයයි. එහෙත් ඕස්ටේ‍්‍රලියානු පිල මේ වනවිටත් සිවු වතාවක්ම ලෝක කුසලාන දිනා ඇති අතර අවසන් මහ තරග පරාජය වී ඇත්තේ 1975 දී සහ 1996 දී පමණි.

නවසීලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ සියලූම තරග ජයගත්තතද ඒ තරග සියල්ලම ඔවුන්ගේ මවුබිමේදී පැවැති ඒවා විය. එහෙත් ඉරිදා (29 වැනිදා) අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලොව පරසිඳු මෙල්බර්න් පුරවරයේ, මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීය.

නවසීලන්තය සතුව අපරාජිත වාර්තාවක් තිබුණද තරගය පැවැත්වෙන්නේ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී වන බැවින් මවුබිමේදී තරග කිරීමේ වාසිය  ඕස්ටේ‍්‍රලියාව සතුය. ඒ ගැන මයිකල් ක්ලාක් කියන්නේ මෙලෙසිනි.

”මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ තියෙන තත්ත්වයන් අපට වාසිදායක ලෙසින් තියේවි”
”ඒ විතරක් නෙමේ. මේ ගිම්හානයේදී සෑහෙන තරග සංඛ්‍යාවක් අපි මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී කී‍්‍රඩා කළා. ඒ තත්ත්වයන් නවසීලන්තයට වඩා ගොඩාක් වෙනස්” යයි පැවසූ මයිකල් ක්ලාක්...

”ඒ මොකක් වුණත් මේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයයි. මේ තරගය දිනන්න නම් අපට ගොඩාක් හොඳ කි‍්‍රකට් කී‍්‍රඩාවක නිරත වෙන්න වෙනවා. මොකද නවසීලන්තය කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඔවුන් මේ තරගාවලියේදී ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා” යයිද පැවසීය.

කෙසේ වෙතත් මෙය ලෝක කුසලාන අවසන් තරගය ලෙසින් සලකනවා විනා  ඕස්ටේ‍්‍රලියා - නවසීලන්ත එදිරිවාදීකම් හෝ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට ලෙසින් කටයුතු කිරීම ගැන තමන් නොසිතන බවද මයිකල් ක්ලාක් පැවසීය. ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර අවසන් වරට  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති එක්දින තරග 7 කින් 5 ක්ම ජයගෙන ඇත්තේද ඕස්ටේ‍්‍රලියාවයි.

ක්ලාක් කුමක් කීවද නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් ටිකක් අමාරු කාරයෙකි. ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත ජයග‍්‍රහණ වැලකටම පදනම දැමූ බ්‍රෙන්ඩන් මැකලම් මෙම ලෝක කුසලාන තරගාවලියේදී ලබාගත් ලකුණු 329 ක් 308 ක් ලබාගෙන ඇත්තේ පළමු ඕවර 10 ඇතුළතදී වන අතරම ඔහු මුහුණ දුන් පන්දු 150 න් 59 ක්ම හතරේ සීමාවෙන් ඔබ්බට ගියේ හතරේ පහරක් නැතහොත් හයේ පහරක් ලෙසිනි.

ඉතාමත් දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන, නවසීලන්ත පිලේ තරුණ වේග පන්දු යවන්නා වන ටෙ‍්‍රන්ට් බෝල්ට් ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් දවාගත් පිතිකරුවන් 21 දෙනාගෙන් 15 දෙනකුම මුල් පෙළ පිතිකරුවන්ය. එයින් කියැවෙන්නේ බෝල්ට්ගේ පන්දු යැවීමේ තිබෙන නිවැරදි ඉලක්කයත්, වේගය සහ පිතිකරුවන් හඳුනාගෙන, උපක‍්‍රමශීලීව පන්දු යැවීමත් මිස අනෙකක් නොවේ.

ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන් අතරේ ඉදිරියෙන්ම සිටින  ඕස්ටේ‍්‍රලියානුවා ස්ටීවන් ස්මිත්ය. ලෝක කුසලාන තරග 7 කදී ස්මිත් ලබාගත් ලකුණු සංඛ්‍යාව 346 කි. ලෝක කුසලාන තරගාවලියේ සාර්ථකත්වය අනුව ස්මිත් සහ ග්ලෙන් මැක්ස්වෙල් අතර ඇත්තේ ලකුණු 22 ක පරතරයක් වුවද ප‍්‍රහාරාමක වේගය අනුව නම් ස්මිත් පන්දු 100 කින් ලකුණු 96.4 ක් ලබාගන්නා විට මැක්ස්වෙල් පන්දු 100 කින් ලකුණු 182 ක් ලබාගනී.

එතරම් වේගයෙන් ලකුණු ලබා නොගන්නා හෙයින් කි‍්‍රකට් ලෝලීන් බහුතරයක ජනපි‍්‍රය තෝරාගැනීමක් නොවුණත් ස්ටීවන් ස්මිත්ගේ අවසන් එක්දින ඉනිම 12 දී  ඕස්ටේ‍්‍රලියානු පිලට හිමිවී ඇති ලකුණු සංඛ්‍යාව 812 කි. එය වඩාත් ප‍්‍රතිඵල දායක ලකුණු ලබාගැනීමක් වන්නේ අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙන ස්මිත්, පළමු අධිවේගී  ඕවර 10 නිමාවූවායින් පසුව පන්දු රකින්නන් පිටිය පුරා විසිර සිටියදීත්, තමන්ගේ ප‍්‍රහාරාත්ක වේගය රඳවා ගනිමින් ලකුණු ලබාගැනීමයි.

ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් අතර කටමැත දොඩවන්නා මිචෙල් ජොන්සන් වුවද වඩාත් අවදානම් පන්දු යවන්නා මිචෙල් ස්ටාක්ය. ස්ටාක් විසින් මෙ තරගාවලිය පුරා යවන ලද සෑම පන්දු 100 කින්ම පන්දු 27 ක් පිතිකරුවාගේ පිත්තේ නොවැදී කඩුලූ රකින්නා අතට පත් වී තිබේ. ඒ ගැන දැනගැනීමට පිතිකරුවන් නම් ඒ තරම් කැමති නොවනු ඇත.

යම් හෙයකින් ලෝක කුසලාන අවසන් මහ තරගය ජයගතහොත් එය නවසීලන්තයේ 300 වැනි එක්දින ජයග‍්‍රහණයද වෙයි. ලෝක කුසලානයක් ජයගැනීමට ඊටත් වඩා සුන්දර අවස්ථාවක් තිබේද ? එහෙත් ලෝක කුසලාන තරග සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියාවට ඇත්තේ අද්වීතීය වාර්තාවකි. එම වාර්තාවට තවත් ධන ලකුණක් එක්කර ගැනීම විනා වෙනත් අදහසක්  ඕස්ටේ‍්‍රලියානුවන්ට නැත.


ඕස්ටේ‍්‍රලියානු සංචිතය
මයිකල් ක්ලාක් (නායක), ජෝර්ජ් බේලි, පැට් කමින්ස්, සේවියර් ඩොහටි, ජේම්ස් ෆෝක්නර්, ඒරන් ෆින්ච්, බ‍්‍රැඞ් හැඩින්, ජෝ හේසල්වුඞ්, මිචෙල් ජොන්සන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්,  ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, ඬේවිඞ් වෝනර් සහ ෂේන් වොට්සන්

නවසීලන්ත සංචිතය
බ්‍රෙන්ඩන් මැකලම් (නායක), කෝරි ඇන්ඩසන්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, ග‍්‍රාන්ට් එළියට්, මාටින් ගප්ටිල්, ටොම් ලේතම්, මිචෙල් මැක්ලෙනගන්, නේතන් මැකලම්, කයිල් මිල්ස්, ලූක් රොන්කි, ටිම් සවුති, රොස් ටේලර්, ඩැනියෙල් විටෝරි, කේන් විලියම්සන් සහ මැතිව් හෙන්රි


අදහස් (1)

සම සත්කාරකයෝ එදිරිවාදීහු වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.