Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. මේ වන විට කොරෝන වෛරසය අසාදනය වී සිටින ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
අද තරගයේදී ඇඩම් සම්පා වෙනුවට ඇෂ්ටන් ආගර් කණ්ඩායමට කැඳවා තිබේ. ඇෂ්ටන් ආගර් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකි.
මෙම තරගාවලියේ නීති රීති අනුව, කොරෝනා ආසාදිත ක්‍රීඩකයකුට වුවද තරග කිරීමේ අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති තරගයේදී ක්‍රීඩා කළ අයර්ලන්තයේ ජෝර්ජ් ඩොක්රල් තරගයට සහභාගි වූ අවස්ථාවේදී ඔහුට කොරෝන වෛරසය අසාදනය වී තිබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක එක්වී සිටී. ඉකිලියේ ආබාධයක් හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පසුගිය ඉරිදා පැවැති තරගයේදී පැතුම් නිස්සංක ක්‍රීඩා නොකළේය.
පසුගිය වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා සිටින ඕස්ට්‍රේලියාව පසුගිය දා නවසීලන්තය වෙතින් දරුණු පරාජයක් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.