Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සහය දිවීමේ ඉසව් 50 කින් සමන්විත ජාතික සහය දිවීමේ සැණකෙළිය හෙට (3) සුගතදාස පිටියේදී ආරම්භ වේ. තරගාවලිය මේ මස 4 සහ 5 දිනවලදීත් පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා බාලිකා පාසල් 56 කින් ද, බාලක පාසල් 58 කින් හා ක‍්‍රීඩා සමාජ ගණනාවකින්ද කණ්ඩායම් ඉදිරිපත් වී සිටින බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. වයස 12න් පහළ, 13න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ, 20න් පහළ බාලක හා බාලිකා ඉසව් ද කාන්තා හා පිරිමි විවෘත ඉසව් ද සමන්විත වේ.
මීටර් 4X800, මීටර් 4X100, මීටර් 4X400, මීටර් 1500X4, මීටර් 4X200, මීටර් 4X50 යන සහය දිවීමේ ඉසව් විවිධ වයස් කාණ්ඩයන්ගෙන් හා විවෘත ඉසව් ලෙස එහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය මෙවරත් සහය දිවීමේ සැණකෙළිය සංවිධානය කරයි.
ජාතික සහය දිවීමේ සැණකෙළියට අනුග‍්‍රහය දක්වන ලංකා බැංකුව වෙනුවෙන් එහි වෙළෙඳ කළමනාකරු ඞී. එම්. ඞී. සොයිසා මහතා විසින් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති නන්දන ද සිල්වා මහතා ද ඡායාරූපයේ සිටී.
ඡායාරූපය - සුසිල් පේ‍්‍රමලාල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.