Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හයකොන් රග්බි ශූරතාව හඹා යමින් සිටි රටවල් තුනක් අතරින් දෙවැනි තැන පසුවූ එංගලන්ත කණ්ඩායම අන්ද මන්ද කළ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ සුන්දර සෙනසුරාදා දිනයකදී එංගලන්තයට එරෙහි තරගය සමකළහ. තරගයේ දෙවැනි භාගයේදී ඇදහිය නොහැකි ක්‍රීඩා රටාවක නිරත වූ ස්කොට් ක්‍රීඩකයෝ ලකුණු 31 ක්ම ලබාගත්තේ එංගලන්තයට එකම එක උත්සාහක දිනුමක් සහ ප්රවර්තනයක් පමණක් ලබාගැනීමට අවසර දෙමිනි.
වේල්සය මෙවර ග්‍රෑන්ඩ් ස්ලෑම් ආකාරයෙන් කුසලානය දිනාගැනීමට සමත්වීමෙන් මොහොතකට පසුව ට්වීකන්හැම් නුවර දී පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 31-7 කින් පෙරමුණ ගෙන සිටි එංගලන්තය ප්‍රසාද ලකුණක් ද සහිතව තරගය ජයගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවූයේය.
ඒ වනවිටත් ප්‍රසාද ලකුණු 23 ක් ලබා පෙරමුණේ සිටි වේල්සයට කුසලානය අහිමි කිරීමට නම් එංගලන්තයට ප්‍රසාද ලකුණු 24 ක්ම ලබාගැනීමට අවශ්‍ය වී තිබිණ. කෙසේ වෙතත් එංගලන්තය සිය ඉලක්කය කරා වේගයෙන් ගමන් කරමින් සිටි අතර පළමු භාගයේදි එංගලන්තය තැබූ උත්සාහක දිනුම් 4 ම ගෝල බවට පත් කළ ඕවන් ෆැරල් දඬුවම් පහරක් ද සාර්ථක කරමින් සිය කණ්ඩායමට උපරිම දායකත්වයත් දුන්නේය.
එහෙත් දෙවැනි භාගයේදි එංගලන්ත පිල අන්දමන්ද කළ ස්කොට්ලන්තය ආරම්භයේදිම ඩර්සි ග්‍රෙහැම් තැබූ උත්සාහක දිනුමෙන් නව පණක් ලබා එක හුස්මට අවසන් මොහොත දක්වාම සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය.
වරෙක 31-0 ක් ලෙසින් එංගලන්ත පිලට බොහෝ ඈතින් සිටි ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ පැය භාගයක් ඇතුළත 31-31 ක් ලෙසින් තරගය සමකළහ. අවසන් මිනිත්තුවේදි ජෝර්ජ් ෆෝඩ්ගේ තීරණාත්මක උත්සාහක දිනුම වාර්තා වීමට පෙර එනම්, 77 වැනි මිනිත්තුව වනවිටත් ස්කොට්ලන්තය ජයග්‍රහණය පෙනි පෙනී සිටියේ ලකුණු 38-31ක් ලෙසිනි. එහෙත් සියලු වැර යොදා ස්කොට්ලන්ත ආරක්ෂක පෙළ බිඳගෙන ඉදිරියට ගිය ජෝර්ජ් ෆෝඩ් එංගලන්තයේ නම්බුව බේරා ගත්තේය.
ස්කොට්ලන්තය වෙනුවෙන් දෙවැනි භාගයේදි බලාපොරොත්තු ගොඩනැගූ ඩර්සි ග්‍රෙහැම් තරගයේ 56 වැනි මිනිත්තුවේදි සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අතර ඊට පෙර 49 වැනි මිනිත්තුවේදි මැග්නස් බ්‍රැඩ්බරි තැබූ අනගි උත්සාහක දිනුම ෆින් රසල් විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරද්දී ස්කොට්ලන්තයේ ලකුණු සංඛ්‍යාව 19 ක් විය. තරගයේ 59 වැනි මිනිත්තුවේදි රසල් තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ ග්‍රෙග් ලඩ්ලෝ අනතුරුව 75 වැනි මිනිත්තුවේදි සෑම් ජොන්සන් තැබූ විස්මිත උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 38-31කින් පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තය සමත්විය.
අවසන් මිනිත්තුවේදි එංගලන්තයේ අභිමානය රැක ගත් ෆෝර්ඩ් තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබුවේ ද ඔහු විසින්මය.
මේ තරගය වාර්තාපොතට එක්වූයේ ජාත්‍යන්තර රග්බි ඉතිහාසයේ ඉහළ ලකුණු ප්‍රමාණයකින් ලකුණු සමවූ තරගයක් ලෙසිනි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.