Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සහ ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කළ 105 වැනි ‘ස්ටබ්ස් පලිහ’ බොක්සිං තරගාවලියේ ශූරතාවලිය දිනාගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල් කණ්ඩායම සමත් විය. සිල්වෙස්ටර් ක්‍රීඩකයන් ස්ටබ්ස් පලිහ දිනාගත් 18 වැනි අවස්ථාව මෙය වූ අතර පිට පිටම ඊට හිමිකම් කී සිවුවැනි අවස්ථාවද මෙය විය.
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී රන් පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමින් සිල්වෙස්ටර් ක්‍රීඩකයෝ මෙවර ස්ටබ්ස් පලිහ තමන් සතුකර ගත්හ. රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් සිල්වෙස්ටර් විදුහලට කරට කර තරගයක් දුන් කොළඹ රාජකීය විදුහලට තරගාවලියේ අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
තායිපේ සිටි කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ රන් පදක්කම් ලාභී රාජකීය විදුහල් කණ්ඩායමේ නායක තෙනුවන් බණ්ඩාර, මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙමින් කර්නල් ටී.වයි. රයිට් අභියෝග කුසලානට හිමිකම් කීවේය.
කොටගල සිරි පැරකුම් විද්‍යාලය රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කමක් දිනාගනිමින් මෙවර තරගාවලියේ බාලිකා ශූරතාවට හිමිකම් කී අතර බාලිකා අනු ශූරතාවට හිමිකම් කියනු ලැබුවේ රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් ගෙලිඔය ප්‍රඥාරතන මැදි විදුහල විසිනි.
මහනුවර හේමමාලි බාලිකා විදුහලේ චතුමිණී සිරිවර්ධන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. දිවයින පුරා පාසල් 132 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සහඳහා සහභාගි වූ අතර එහිදී ඔවුහු කනිෂ්ඨ (වයස 16 න් පහළ), යොවුන් (වයස 18 න් පහළ) සහ ජ්‍යෙෂ්ඨ (20 න් පහළ) යන කාණ්ඩ 3 හි බර පංති 36 ක් යටතේ තරග වැදුණහ.
තරගාවලියේ බාලිකා ශූරතාව දිනාගත් කොටගල සිරි පැරකුම් විද්‍යාලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.