Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටීවන් ජෙරාඞ් සමුගැනීමට සැරසෙයි

ස්ටීවන් ජෙරාඞ් සමුගැනීමට සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ලෝක කුසලන පාපන්දු තරගාවලිය නිමා වීමත් සමගම එංගලන්ත පාපන්දු පිලේ නායක ස්ටීවන් ජෙරාඞ් අන්තර්ජාතික පාපන්දු කී‍්‍රඩාවෙන් සමුගන්නා බව වාර්තා වේ. ලන්ඩන් නුවර ඬේලි මේල් පුවත්පතද ඒ බව සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රතිඵලය කුමක් වුවත් තමන්ගේ තීරණයේ වෙනසක් නොවන බවද ජෙරාඞ් කියයි. ජෙරාඞ්ගේ පියවරම අනුගමනය කිරීමට සූදානම් වන එංගලනත උපනායක ෆ‍්‍රෑන්ක් ලම්පාර්ඞ්ද ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් අනතුරුව අන්තර්ජාතික පාපන්දු පිටියෙන් සමුගැනීමට සූදානම් වෙයි.

එංගලන්තයේ සුප‍්‍රකට පාපන්දු කී‍්‍රඩා සමාජයක් වන ලීවර්පූල් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන මැද පෙළ කී‍්‍රඩක ස්ටීවන් ජෙරාඞ් මේ දක්වා ලෝක කුසලාන පාපන්දු තරගාවලි දෙකකට සහභාගි වී තිබෙන අතර මෙය ඔහුගේ තුන්වැනි ලෝක කුසලාන තරගාවලිය වෙයි. 2010 ලෝක කුසලාන තරගාවලියේදී රියෝ ෆර්ඩිනන්ඞ් තුවාල ලැබීම නිසා ස්ටීවන් ජෙරාඞ් එංගලන්ත පිලේ නායකත්වයට පත්විය.

”මෙවර (පාපන්දු) තරග සමයේදී කී‍්‍රඩා කළ තරුණ කී‍්‍රඩකයන් නම් නියමයි. ඔවුන් බිය කියා දෙයක් තියෙනවාද දන්නේත් නෑ”

”මා හිතන්නේ කළමණාකරුට (රෝයි හොජ්සන් මහතා) උවමනා කරන්නේත් ඔවුන් මෙහිදී සෙල්ලම් කළා වාගේම බ‍්‍රසීලයේදීත් සෙල්ලම් කරනවා දකින්නයි.

කොහොම වුණත් ‘අපි ලෝක කුසලාන දිනන්න යනවා’ කියා මා මෙහි ඉඳන් කීවොත් ඒක මහ බොළඳ ප‍්‍රකාශයක් වගේ පෙනේවි. මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් එක දෙයයි....අපි එහි ගිහින් අපේ 100 % ක හැකියාවෙන් කී‍්‍රඩා කරනවා” යයි ස්ටීවන් ජෙරාජඞ් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහ උත්සවයකදී පවසා තිබිණ.

මේ අතර එංගලන්ත පිලේ කළමණාකරු රෝයි හොජ්සන් මහතා පවසා ඇත්තේ ලෝකයේ හොඳම කණ්ඩායම් කිහිපයක් එකම දෙයක් වෙනුවෙන් තරග වැදී සිටින හෙයින් තමන්ට කළ හැක්කේ එකා මෙන් බැඳී සිටිමින් ඒ සඳහා උත්සාහ කිරීමත් බවයි.

” ලෝකයේ හොඳම කණ්ඩායම් කිහිපයක් එකම දෙයක් වෙනුවෙන් තරග වැදී සිටිනවා. ඒ වෙනුවෙන් අපට කළ හැක්කේ එකා මෙන් බැඳී සිටිමින් ඒ සඳහා උත්සාහ කිරීමත්, වෙහෙසීමෙන් කටයුතු කරමින් පුළුවන් වුණොත් අපි ගැන සැක සංකා ඉපිද වූ අය වැරදි බව පෙන්වා දීමයි” යයි රෝයි හොජ්සන් මහතා පවසා තිබිණ.

එංගලන්ත කණ්ඩායමේ පළමු වැනි ලෝක කුසලන තරගය ජූනි මස 14 වැනිදා ඇමසන් වනාන්තරය මධ්‍යයේ පිහිටි මනාවුස් නගරයේදී පැවැත්වේ. එංගලන්ත දැළ රකින්නා වන ජෝ හාට් පවසන්නේ ඇතැම් විට මෙම නගරය දැඩි සූර්ය තාපයෙන් යුතු විය හැකි බැවින් ඒ සඳහා තමන් සූදානම් විය යුතු බවයි.

එංගලන්තය අයත්වන ‘ඞී’ කාණ්ඩයෙන් කී‍්‍රඩාකරන අනෙකුත් කණ්ඩායම් වන්නේ උරුගුවේ සහ කොස්ටාරිකාවයි

 


අදහස් (1)

ස්ටීවන් ජෙරාඞ් සමුගැනීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.