Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සැකසුම - දමින්ද විජේසූරිය)
ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතකරුවකු වන ස්ටීවන් ස්මිත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඩුබායි හි පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලු 4 කින් පරාජය වීමෙන් පසුව ස්මිත්ගේ කීර්තිමත් එක්දින තරග දිවිය නිමාවට පත්විය.
එක්දින තරගවලින් ඉවත් වුවද, 35 හැවිරිදි දකුණත් පිතිකරුවා ටෙස්ට් සහ විස්සයි20 ක්‍රිකට් සඳහා ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමට සූදානමින් සිටී. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් රැඳී සිටීමට ඔහු ගත් තීරණය, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමේ බලාපොරොත්තුවක් ලෙසින් ඉතිරි වනු ඇත.
“එය විශිෂ්ට ගමනක්. මම එහි සෑම මිනිත්තුවකටම ආදරය කළා” යයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට ස්මිත් කියා තිබිණ.
අවසන් පූර්ව තරගයේ පරාජයෙන් පසු ස්මිත් කණ්ඩායමේ සාමාජිකයින්ට තම තීරණය දැනුම් දුන්නේය. ඔහු පසුව කියා සිටියේ එක්දින ක්‍රීඩාවෙන් සමුගැනීමට කාලය පැමිණ ඇති බවයි.
“මේ ගමන පුරා විශ්මිත අවස්ථා වගේම අපූරු මතකයන් රැසක් තිබුණා. ලෝක කුසලාන දෙකක් දිනා ගැනීම වගේම මේ ගමනේදී මාත් එක්ක අත්දැකීම් බෙදාගත් අපූරු කණ්ඩායම් සගයන් රැසක්ම සිටියා” ස්මිත් තවදුරටත් පැවසීය.
“2027 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීම ආරම්භ කිරීමට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා. එබැවින් අනෙක් අයට මාර්ගය විවෘත කරන්න සුදුසු කාලය මේක කියලයි මගේ හැඟීම” යයි ස්මිත් පැවසීය.
කෙසේ වෙතත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඔහුගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඉදිරියෙන්ම තිබෙන්නකි. පසුගිය ජනවාරි මාසයේ ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් ලකුණු 10,000 කඩඉම පසුකර ගිය ස්මිත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟය වෙත මහත් බලාපොරාත්තු තබා සිටී. ඊට අමතරව මීළඟ ශීත ඍතුවේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ පසුව ඕස්ට්‍රේලියාවේදීම පැවැත්වෙන අළු බඳුන තරගාවලිය වෙතත් ස්මිත් බලාපොරොත්තු රඳවා තිබේ.
“ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩාවකදී මට කරන්න තවත් බොහෝ දේ තියනවා කියලා මට හිතෙනවා” යයි ස්මිත් කියයි.
ස්මිත්ගේ එක්දින ජීවිතය තරඟ 170 ක් පුරා විහිදී යයි. එක්දින තරග වැඩිම සංඛ්‍යාවක් නියෝජනය කළ ඕස්ට්‍රේලියානුවන් අතරේ 16 වැනි ස්ථානය ස්මිත්ට හිමිවී තිබේ. එක්දින තරගයකදී ස්මිත්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 43.28 ක් වන අතර පන්දු 100 කට ලබාගන්නා ලකුණු වල සාමාන්‍යය 86.96 ක් ලෙසින් සටහන් වෙයි. ඔහුගේ එක්දින දස්කම් අතරට ශතක 12ක් සහ අර්ධ ශතක 35 ක් ඇතුළත් වන අතර, 2016 දී හිදී නවසීලන්තයට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගණයේදී ලබාගත් ලකුණු 164 ස්මිත්ගේ හොඳම එක්දින ඉනිම ලෙසින් සටහන් වේ.
එක්දින තරග 64 කදී ඕස්ට්‍රේලියාවට නායකත්වය දුන් ස්ටීවන් ස්මිත් තරග 32 කදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා තිබේ.
ලෝකයේ ඉහළම මට්ටමේ තරගාවලි වලදී කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩකයකු වන ස්මිත් 2015 සහ 2023 වසර වලදී ලෝක කුසලාන දිනාගත් ඕස්ටේ්රලියානු කණ්ඩායම්වල වැදගත් කාර්යභාරයක් කළ ක්‍රීඩකයෙකි.
2015 දී මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවති අවසන් තරඟයේදී, ඔහු ජයග්‍රාහී ලකුණු ලබාගත් අතර 2019 ලෝක කුසලාන තරගාවලියේදී මාස 12 ක තහනමකින් පසු ඩේවිඩ් වෝනර් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණියේය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග වලින් ස්මිත් සමුගන්නේ ඉන්දියාවට එරෙහිව පන්දු 96 කින් ලකුණු 73 ක් ලබා ගනිමිනි.
ස්මිත්ගේ සමුගැනීම ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායම තීරණාත්මක කඩඉමකට කැඳවාගෙන ඒමකි. වසර 2027 දී දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීමට ඕස්ට්‍රේලියාවට සිදුවෙයි.
ස්මිත්ගේ දිගුකාලීන සගයා වන ඩේවිඩ් වෝනර් දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින අතර, 2023 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ශූරයන්ගේ කුසලාන තරගාවලියට පැමිණියේත් නැත.
පැට් කමින්ස් (වළලුකර), ජොෂ් හේසල්වුඩ් (උකුල), මිචෙල් මාෂ් (පිටකොන්ද) සහ මිචෙල් ස්ටාර්ක් (පුද්ගලික හේතූන් මත) ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි නොවන අතර ඔවුන්ගෙන් කී දෙනෙක් 2027 ලෝක කුසලාන තරගාවලිය දක්වා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ රැඳී සිටීද යන්නත් සැක සහිතය. මාකස් ස්ටොයිනිස්ද පසුගිය මාසයේ එක්දින තරග බිමෙන් විශ්‍රාම ගත්තේය.
මේ අතර ග්ලෙන් මැක්ස්වෙල් (36), ඇලෙක්ස් කේරි (33) සහ ඇඩම් සම්පා (32) වැනි පළපුරුදු ක්‍රීඩකයෝත් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ අවසාන අදියර කරා ළඟා වෙමින් සිටින බැවින්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවත ගොඩනැඟිය යුතු තත්ත්වයකට පත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.