Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේදී සහ ඕස්ටේ‍්‍රලියාවේදී අද (14) ආරම්භ වූ 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර මෙල්බන්හිදී දැන් පැවැත්වෙන තරගයේදී එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටීව් ෆින් කඩුලූ ත‍්‍රිත්වයක් දවා ගැනීමට සමත් විය.
මෙම කඩුලූ ත‍්‍රිත්වයත් සමග ස්ටීව් ෆින් ක‍්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලූ ත‍්‍රිත්වයක් දවාගත් 7 වැනි ක‍්‍රීඩකයා බවට පත්වූ අතර මෙම කඩුලූ ත‍්‍රිත්වය ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ 8 වැනි කඩුලූ ත‍්‍රිත්වය ද වේ.
දකුණතින් වේග පන්දු යවන ස්ටීව් ෆින් යැවූ ඉනිමේ 50 වැනි ඕවරයේ 4, 5 සහ 6 වැනි පන්දුවලදී පිළිවෙළින් බ‍්‍රැඞ් හැඩින්, ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ජොන්සන් දවා ගැනීමට සමත් විය.
චේතන් ශර්මා (ඉන්දියාව), සක්ලේන් මුෂ්ටාක් (පාකිස්තානය), චමින්ද වාස් (ශ‍්‍රී ලංකාව), බ්‍රෙට් ලී ( ඕස්ටේ‍්‍රලියාව), ලසිත් මාලිංග (ශ‍්‍රී ලංකාව) සහ කීමර් රෝච් (බ.ඉ.කො.) යන ක‍්‍රීඩකයෝ මීට පෙර ලෝක කුසලාන තරගාවලිවලදී කඩුලූ ත‍්‍රිත්ව දවා ගැනීමට සමත්ව සිටිති.
ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කඩුලූ ත‍්‍රිත්ව දෙකක් දවගත් එකම ක‍්‍රීඩකයා ද වේ. මාලිංග 2007 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ද, 2011 වසරේ කෙන්යාවට එරෙහිව ද, කඩුලූ ත‍්‍රිත්ව දවාගත්තේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.