Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බ්ලොයෙම්ෆෝටේන් නුවර මැංගෑංග් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 120 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (3 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 24 ක් අවසානයේ ලකුණු 78 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ ඉම්රාන් තාහීර් ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමූහ. සිම්බාබ්වේ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා තාහිර්ට අනගි සහායක් දුන් ඬේල් ස්ටේන් ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඞ්සා පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කළේය. ඔහු හැරුණුකොට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූයේ තවත් පිතිකරුවන් දෙදෙනෙක් පමණි. සෙසු පිතිකරුවන් 8 දෙනාම ලකුණු 10 සීමාවට ලඟාවීමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත ගොස් අසුන්ගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 47.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 198 ක් රැස්කළේය. එහිදී සිය මංගල අර්ධ ශතකය ලබාගත් ඬේල් ස්ටේන් (60), හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම අර්ධ ශතකය සැරසීය. ලකුණු 101 කට කඩුලු 7 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ඇන්ඩිල් පෙලුක්වායෝ (28) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටේන් සමත් විය.
ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්‍රම් හතරේ පහර 6 ක් සමග ලකුණු 35 ක්ද, ඛායා සුන්ඩෝ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, ක්‍රිස්ටියන් ජොන්කර් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද බැගින් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටෙන්ඩායි චටාරා ලකුණු 42 කට කඩුලු 3 ක් දවාගත් අතර එහිදී කයිල් ජායිස්, ඩොනල්ඞ් ටිරිපානෝ සහ බ්‍රෙන්ඩන් මවුටා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.
දකුණු අප්‍රිකානු පිල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 198
(ඒඞ්න් මාක්‍රම් 35, ඛායා සුන්ඩෝ 21, ක්‍රිස්ටියන් ජොන්කර් 25, ඇන්ඩිල් පෙලුක්වායෝ 28, ඬේල් ස්ටේන් 60, ටෙන්ඩායි චටාරා 42/3 දී කයිල් ජායිස් 26/2, ඩොනල්ඞ් ටිරිපානෝ 37/2, බ්‍රෙන්ඩන් මවුටා 48/2)
සිම්බාබ්වේ පිල - ඕවර 24 කදී සියලු දෙනා දැවී 78
(හැමිල්ටන් මසකඞ්සා 27, ඉම්රාන් තාහිර් 24/6, ඬේල් ස්ටේන් 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.