Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය ලබාගත් මාකස් ස්ටොයිනිස් ශ්‍රී ලංකාවට එරෙහිව අද (25 වැනිදා) පර්ත් නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක ජයක් කරා කැඳවාගෙන ගියේය. ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට රිදෙන්නම තැලූ ස්ටොයිනිස්ගේ ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ස්ටොයිනිස්ගේ අපරාජිත ඉනිමේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 17 කිනි. ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 327.77 ක් විය.
පළමු ඕවරයේදීම පන්දු 5 ක් යැවීමෙන් පසුව බිනුර ප්‍රනාන්දු ආපසු ක්‍රීඩාගාරයට යාම ලකුණු 158 ක ඉලක්කයක් කරා යාම ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවන්ට පාරිතෝෂිකයක් වූයේය. ඕවර 7 ක් නිමාවන තුරුත් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව සටහන් වූයේ කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලෙසිනි.
ආරම්භක පිතිකරුවා වූ නායක ඒරන් ෆින්ච් පැත්තකට වී සිටියදී, මිචෙල් මාෂ් 8 වැනි ඕවරයේදී ප්‍රහාරය ආරම්භ කළේය. ඕවර 3 කින් ලකුණු 47 ක් උදුරාගත් ෆින් - මාෂ් - මැක්ස්වෙල් තිදෙනා, 10 වැනි ඕවරය නිමා වන විට ලකුණු 85 ක් පුවරුවට එක්කළහ.
මහීෂ් තීක්‍ෂණ සහ ළහිරු කුමාර දෙදෙනා 11 වැනි සහ 12 වැනි ඕවර දෙකම ලකුණු 3 කට සීමාකරගත් නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට භීතිය උදාවූයේ මාකස් ස්ටොයිනිස් අත දිගහැරීමත් සමගිනි. එතැන් සිට ඔප්ටස් ක්‍රීඩාංගණයේදී පිත්තෙන් කළ ගිණිකෙළි සංදර්ශනයකි.
ශ්‍රී ලංකාවේ හොඳම විස්සයි-20 පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ ඕවර 3 කින් ඕස්ට්‍රේලියානුවන් ලකුණු 53 ක් උදුරාගත් අතර ග්ලෙන් මැක්ස්වෙල් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන්නේය. මැක්ස්වෙල්ගේ උඩපන්දුවක් අෂේන් බණ්ඩාර වෙතින් ගිළිහී ගිය නමුත්, ඊළඟ පන්දුවේදී, හතරේ සීමාව අසළ සිට ගුවනට පැනගත් අෂේන් බණ්ඩාර, තම හිසට ඉහළින් ඉගිළී යන්නට ගිය මැක්ස්වෙල්ගේ උඩපන්දුව ඩැහැගත්තේය.
ඕස්ට්‍රේලියානු ඉනිමට හයේ පහර 10 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය. ඉනිම පුරාම පිටියේ සිටි නමුත්, ඒරන් ෆින්ච්ගේ ලකුණු සංඛ්‍යාව 31 කි.
කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවෝ කිසිම පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්හ. එහි සාර්ථක ප්‍රතිඵල නෙළාගත් සත්කාරකයෝ ප්‍රහාරාත්මක ඕවර 6 නිමා වන විට ශ්‍රී ලංකාවට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 36 ක් පමණි. ඒ අතරට එක්වූයේ එකම හතරේ පහරකි. එහෙත් තම කඩුලු රැකගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ 10 වැනි ඕවරය වන විට ලකුණු වේගය 6.3 රඳවා ගත්තේ පසුපෙළ පිතිකරුවන්ට ප්‍රහාරය දියත් කිරීමේ පසුබිම සකස් කරමිනි.
ලෝකයේ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඩ් හමුවේ පැතුම් නිස්සංක (40) සහ ධනංජය ද සිල්වා (26) පන්දු 58 කින් ලකුණු 69 ක් එකතු කළහ. හේසල් වුඩ්, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් තිදෙනා එක්ව නිළකුණු පන්දු 38 ක් යැවූ අතර අතිරේක ලකුණු 23 නොවූයේ නම් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 130 සීමාවේ රැඳෙන්නටත් තිබිණ.
චරිත් අසලංකගේ හයේ පහර දෙක හැරෙන්නට ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රහාරය තරමක් අඩපණ වී තිබිණ. ඉකිළියේ ආබාධකට පසුව නැවතත් කණ්ඩායමට එක්වූ පැතුම නිස්සංක, පන්දු 45 කට මුහුණ දෙමින්ලබාගත් ලකුණු 40 ට ඇතුළත් වූයේ හතරේ පහර 2 ක් පමණි.
ඉනිමේ 16 වැනි ඕවරය නිමාවේදීත් ශ්‍රී ලංකා පුවරුවේ සටහන් වූයේ ලකුණු 111 ක් පමණි. එහෙත් අවසන් ඕවර 4 න් ලකුණු 46 ක් ලබාගත් අසලංක සහ චාමික කරුණාරත්න දෙදෙනා, සටනක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.