Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බෙන් ස්ටෝක්ස්ගේ වාර්තාගත පිතිහරඹය හමුවේ නවසීලන්තය සහ එංගලන්තය අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 181 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 369 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ඕවර 39 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි. ග්ලේන් පිලිප්ස් පන්දු 76 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 72 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. ලයෑම් ලිවිංග්ස්ටන් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 3 බැගින් බිඳහෙළමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 48.1 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 368 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස් පන්දු 124 කින් ලකුණු 182 ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි. ලකුණු 13 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ඩේවිඩ් මැලන් (96) සමග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 199 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටෝක්ස් සමත් විය.
එංගලන්තය - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 368
(ඩේවිඩ් මැලන් 96, බෙන් ස්ටෝක්ස් 182, ජොස් බට්ලර් 38, ට්‍රෙන්ට් බෝල්ට් 51/5, බෙන් ලිස්ටර් 69/3)
නවසීලන්තය - ඕවර 39 කදී සියලු දෙනා දැවී 187
(ඩර්ලි මිචෙල් 17, ග්ලේන් පිලිප්ස් 72, රචින් රවින්‍ද්‍ර 28, ලයෑම් ලිවිංග්ස්ටන් 16/3, ක්‍රිස් වෝක්ස් 31/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.