Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ථාන 3 කට කණ්ඩායම් 7 ක් ගැටෙති

ස්ථාන 3 කට කණ්ඩායම් 7 ක් ගැටෙති

editorial - 2023 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 65 ක් නිමාවට පත්වී තවත් තරග 5 ක් පමණක් ඉතිරිව තිබුණද, අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා කණ්ඩායම් 7 කට තවමත් අවස්ථාව පවතී. එබැවින් මූලික වටයේ අවසන් තරග කිහිපය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. මේ වන විට අවසන් වටයේ නිත්‍ය ස්ථානයක් හිමිකරගෙන ඇත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පමණි.

දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටින චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් මේ වන විට ලකුණු 15 බැගින් ලබා සිටින නමුත් තවමත් ඔවුන්ට අවසන් වටයේ නිත්‍ය ස්ථානයක් හිමිවී නොමැත. ඒ අනුව එම කණ්ඩායම් දෙකටම අවසන් වටයේ ස්ථානයක් තහවුරු කරගැනීම සඳහා ඔවුන්ට ඉතිරිව ඇති තරගය ජයගත යුතුව තිබේ.

යම් හෙයකින් චෙන්නායි සහ ලක්නව් කණ්ඩායම් දෙකම එම තරගවලදී පරාජයට පත්ව, සිවුවැනි සහ පස්වැනි ස්ථානවල සිටින රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකෙන් ජය ලැබුවහොත් එම කණ්ඩායම් දෙක සමග අවසන් වටයට පිවිසීමේ අවස්ථාව හිමිවන්නේ චෙන්නායි හෝ ලක්නව් කණ්ඩායම් දෙකෙන් එකකට පමණි.

අවසන් වටයට පිවිසීම සඳහා රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට්රයිඩර්ස් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් වලටද යම් අවස්ථාවක් තිබුණද එම අවස්ථාව ඉතා අල්පය. මේ වන විට එම කණ්ඩායම් 3 ම ලකුණු 12 බැගින් ලබා සිටින අතර අවසන් වටය කෙරෙහි බලාපොරාත්තුවක් හෝ තබාගැනීමට නම් ඔවුන් ඉතිරිව ඇති තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුව ඇත.

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලබන අතර අවසන් වටය සුදුසුකම් ලැබීමේ තරග 2 කින්, පරාජිතයන් ඉවත් කිරීමේ තරගයකින් සහ අවසන් මහ තරගයකින් සමන්විත වේ.


ඉතිරිව ඇති මූලික වටයේ තරග
මැයි 19 - පන්ජාබ් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර ධරම්ශාලාහිදී
මැයි 20 - දිල්ලි කැපිටල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර දිල්ලිහිදී
මැයි 20 - කොල්කටා නයිට් රයිඩර්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර කොල්කටාහිදී
මැයි 21 - මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර මුම්බායිහිදී
මැයි 21 - රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ගුජරාට් ටයිටන්ස් අතර බැංගෝර්හිදී

-036

 


අදහස් (0)

ස්ථාන 3 කට කණ්ඩායම් 7 ක් ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.