Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්පාඤ්ඤය සිවුවැනි වරටත් යූරෝ කුසලාන දිනයි
යූරෝ පාපන්දු - 2024

ස්පාඤ්ඤය සිවුවැනි වරටත් යූරෝ කුසලාන දිනයි

editorial - 2024 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපා පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජර්මනියේදී පැවැති යූරෝ - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේදී එංගලන්තයට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමින් සිවුවැනි වරටත් කුසලාන තමන් සතුකර ගැනීමට ස්පාඤ්ඤය ඊයේ (14 වැනිදා) සමත් විය. 

බ්ර්ලින් නුවර ඔලිම්පියාස්ටේඩියන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය නිමාවට පත්වන තෙක් දෙපිලටම ගෝල ලබාගැනීමට නෙහැකි විය. කෙසේ වුවත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 2 ක් ගතවන විට එනම් 47 වැනි විනාඩියේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලයක් ලබාගත් නිකෝ විලියම්ස් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය. 

එතැන් පටත් විනාඩි 26 ක් යන තෙක් තරගයේ ආධිපත්‍ය තමන් සන්තකයේ රඳවාගැනීමට ස්පාඤ්ඤය සමත් වුවද, 73 වැනි විනාඩියේදී එංගලන්තය වෙනුවෙන් කෝල් පාල්මර් ලබාගත් ගෝලයත් සමග තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්වයට පත් විය. එතැන් පටන් යළිත් තරගයේ ජය දෙපිලටම විවෘත විය.  

එහෙත් තවත් විනාඩි 13 ක් ඇතුළත (86 වැනි විනාඩියේදී) ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට මිකෙල් ඔයාර්සබල් සමත් වූ අතර ඉන් අනතුරුව තරගයේ නිමාවන තෙක්ම ගෝල වාර්තා කිරීමට දෙපිලේම කීඩකයෝ අපොහොත් වූහ. ඒ අනුව ගෝල 2-1 ක් ලෙස එංගලන්තය පරාජය කරමින් ස්පාඤ්ඤය අවසන් මහ තරගය ජයගත්තේය. 

මෙම තරගයේදී එංගලන්තයේ හැරී කෙන් 25 වැනි විනාඩියේදීද, ජොන් ස්ටොන්ස් 53 වැනි විනාඩියේදීද, ඔලී වැට්කින්ස් 92 වැනි විනාඩියේදීද, ස්පාඤ්ඤයේ ඩැනී ඔල්මෝ 31 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. 


-036


අදහස් (0)

ස්පාඤ්ඤය සිවුවැනි වරටත් යූරෝ කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.