Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කළ ‘එස්.එල්.ටී. ස්පීඞ් අප්’ පාපැදි සවාරියේ සමස්ත ශූරතාව දිනාගැනීමට යුද හමුදාවේ ගිහාන් පුෂ්පකුමාර සමත් විය. දින පහකින් සමන්විත වූ මෙවර පාපැදි සවාරියේ එම අදියර 5 අවසන් කිරීම සඳහා ගිහාන්ට ගත වූ මුළු කාලය පැය 20 යි, විනාඩි 7 යි, තත්පර 07 කි. පසුගිය අඟහරුවාදා (4 වැනිදා) කොළඹින් ආරම්භ වූ මෙම සවාරිය කිලෝ මීටර් 821 ක දුරක් ගෙවා පසුගිය සෙනසුරාදා (8 වැනිදා) කුලියාපිටියෙන් නිමාවට පත් විය.
ගිහාන්ට වඩා තත්පර 28 ක් පසුපසින් සිටි නාවික හමුදාවේ ප්‍රභාත් මධුෂංක සමස්ත පාපැදි සවාරියේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර ඔහු පාපැදි සවාරියේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයා (වයස 23 න් පහළ) ලෙසද සම්මාන ලැබීය. මෙවර පාපැදි සවාරියේ දක්ෂතම කඳු තරණය කරන්නා බවට පත් වූ වරාය අධිකාරියේ විරාන් රමේෂ්, සමස්ත තරගයේ තෙවැනි ස්ථානයට පත් විය. පළමු සහ දෙවැනි ස්ථාන අතර තත්පර 28 ක වෙනසක් පැවතියද, දෙවැනි සහ තෙවැනි ස්ථාන අතර පැවතියේ තත්පර 3 ක වෙනසක් පමණි.
පාපැදි සවාරියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස වරාය අධිකාරියේ අවිෂ්ක මැඩොන්සා සම්මාන දිනාගත් අතර දක්ෂතම කණ්ඩායම ලෙස සම්මාන දිනාගත්තේ ඔහු නියෝජනය කළ වරාය අධිකාරි කණ්ඩායමයි. කඳු ශූරයා බවට පත්වූ විරාන් රමේෂ් සහ තැන්නේ ශූරයා බවට පත්වූ අවිෂ්ක මැඩොන්සා මෙන්ම සමස්ත තරගයේ සිවුවැනියා බවට පත්වූ නිදුෂ් නිරන්තද වරාය අධිකාරි කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා මනා දායකත්වයක් සැපයීය.
පළමු අදියර (කොළඹ සිට මාතර දක්වා) ජයගැනීමට ගුවන් හමුදාවේ ඬේන් නුගේරාද, දෙවැනි අදියර (මාතර සිට බලංගොඩ දක්වා) ජයගැනීමට වරාය අධිකාරියේ සජිත් හසන්තද සමත් වූහ. තෙවැනි අදියර (බලංගොඩ සිට මහියංගණය දක්වා) ජයගැනීමට වරාය අධිකාරියේ අවිෂ්ක මැඩොන්සාද, සිවුවැනි අදියර (මහියංගණයේ සිට අනුරාධපුර දක්වා) ජයගැනීමට යුද හමුදාවේ ගයාන් කුමාරද සමත් වූහ. අනුරාධපුර සිට කුලියාපිටිය දක්වා පැවැති පස්වැනි අදියර ජයග්‍රහණය කරනු ලැබුවේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මධුෂාන් ද සිල්වා විසිනි.
මෙවර සවාරිය සඳහා තරගකරුවන් 122 දෙනෙක් සහභාගි වූ අතර ඔවුහු ගුවන් හමුදාව, නාවික හමුදාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, වරාය අධිකාරිය, පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, යංග් වීල්, වින්ගෙඞ් වීල්, ද ෆ්‍රෙන්ඞ්ස්, සුපර් වීලර්ස්, සුපර් බේරු, ස්ටෙෆනලි පිලිප්පෝ යන ක්‍රීඩා සමාජ නියෝජනය කළහ. සමස්ත තරගයේ ශූරයාට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් හිමිවූ අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් ලක්ෂ 5 ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් ලක්ෂ 3 ක්ද බැගින් පිරිනැමිණ. එහිදී සිවුවැනි ස්ථානයේ සිට 15 වැනි දක්වාද මුදල් ත්‍යාග පිරිනැමිණි.
පිරිමි තරග ප්‍රතිඵල
1 ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව) - පැය 20:07:07
2 ප්‍රභාත් මධුෂංක (නාවික හමුදාව) - පැය 20:07:35
3 විරාන් රමේෂ් (වරාය අධිකාරිය) - පැය 20:07:38
4 නිදුෂ් නිරන්ත (වරාය අධිකාරිය) - පැය 20:09:10
5 ජානක හේමන්ත (නාවික හමුදාව) - පැය 20:09:10
6 සුධීර නිලංග (පොලිසිය) - පැය 20:09:36
7 දර්ශන ප්‍රසාද් (නාවික හමුදාව) - පැය 20:09:41
8 ඬේන් නුගේරා (ගුවන් හමුදාව) - පැය 20:09:47
9 බණ්ඩාර ප්‍රේමරත්න (ගුවන් හමුදාව) - පැය 20:10:03
10 තුෂාන් රාජපක්ෂ (යුද හමුදාව) - පැය 20:10:30
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.