Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගලවාගත් ස්ටීවන් ස්මිත් (115) සහ බ‍්‍රැඞ් හැඩින් දෙදෙනාගේ පිතිහරඹයට ස්තුතිවන්නට සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (03 වැනිදා) ආරම්භ වූ පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 326 ක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය.
එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවා වන මයිකල් කාබෙරි ලකුණු ලබාගැනීමට පෙරම දවාගැනීමට මිචෙල් ජොන්සන් සමත් වීම හේතුවෙන් දිනය නිමා වන විට නායක ඇලිස්ටෙයාර් කුක් සහ මුරකරු පිතිකරු ජේම්ස් ඇන්ඩසන් පිටියේ රැඳී සිටියහ. ඒ වන විටත් එංගලන්ත පිල ලබා සිටියේ ලකුණු 08 ක් පමණි.
එංගලන්තය අමාරුවේ දැමීම සඳහාම සිඞ්නි පිටියේදී තණකොළ සහිත තණතීරුවක් සූදානම් කළ ඕස්ටේ‍්‍රලියානුවෝ අනුන්ට ඇටවූ උගුළේ තමන්ම සිරවූහ.
කාසියේ වාසිය අහිමි වීම නිසා පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූ ඕස්ටේ‍්‍රලියානු පිලේ පස්වැනි කඩුල්ලත් ලකුණු 97 දී බිඳ වැටුණ නමුත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක් එක්කළ ස්මිත් සහ බ‍්‍රැඞ් හැඩින් දෙදෙනා ඕස්ටේ‍්‍රලියානුවන්ගේ සායම බේරාගත්හ.
තරගාවලියේ දෙවැනි ශතකය ලබාගත් ස්ටීවන් ස්මිත් අවසන් කඩුල්ල දක්වාම පිටියේ රැුඳී සිටි අතර හැඩින්ගේ දායකත්වය පන්දු 90 කින් ලකුණු 75 කි. මෙම තරගාවලියේ සෙසු තරග වලදී මෙන්ම ඕස්ටේ‍්‍රලියානු පිල අමාරුවේ වැටුණු අවස්ථාවේදී පිහිටට පැමිණි හැඩින් ආක‍්‍රමණශීලී ලෙසින් පිත්ත හසුරුවමින් තම ලකුණු 75 ලබාගත්තේ හතරේ පහර 13 ක්ද ඊට ඇතුළත් කරමිනි.
පුල් පහර සහ හුක් පහර ගැසීමට වැඩි මනාපයක් දක්වන බ‍්‍රැඞ් හැඩින් හමුවේ වැඩි වැඩියෙන් කෙටි පන්දු යොමු කිරීම නිසා එංගලන්ත පන්දු යවන්නෝ තමන් ඉතා වෙහෙසකර වෑයමකින් අත්පත් කරගත් වාසිදායක තත්ත්වය ගිළිහී යන්නට දුන්හ. මෙය බ‍්‍රැඞ් හැඩින් මෙවර අළු බඳුන තරගාවලියේදී ලබාගත් පස්වැනි අර්ධ ශතකයයි.
මේ අතරවාරයේදී කිසිදු කලබලයකින් තොරව සිය තුන්වැනි ටෙස්ට් ශතකය කරා ගිය ස්මිත් පන්දු තුනක් ඇතුළතදී ස්කොට් බ්‍රෙත්වික්ට හයේ පහරකින් සහ හතරේ පහරකින් සංග‍්‍රහ කරමින් ඉලක්කම් තුනේ ලකුණු අතරට පිවිසියේය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ පසුපෙළ පිතිකරුවන්ද සාර්ථක වීම නිසා අවසන් කඩුලූ 4 න් ලකුණු 99 ක් එක්විය.
මේ වන විටත් තරගාවලියේ 4-0 ක් ලෙසින් පරාජය වී සිටින එංගලන්තය වෙනුවෙන් අද දිනයේ නවකයෝ තිදෙනෙක් ටෙස්ට් වරම් දිනාගෙන සිටිති.
මැද පෙළ පිතිකරු ගැරී බැලන්ස්, පා දග පන්දු යවන කී‍්‍රඩක ස්කොට් බ‍්‍රැත්වික් සහ වේග පන්දු යවන බොයිඞ් රැන්කින් ඔවුන් තිදෙනාය. මෙම තරගාවලියේදී ටෙස්ට් තරග 5 ක් සඳහා කී‍්‍රඩකයන් 18 දෙනකු එංගලන්ත පිල නියෝජනය කර තිබේ. එහෙත් ඕස්ටේ‍්‍රලියානු පිලේ කිසිදු වෙනස්කමක් නැත.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 326
(කි‍්‍රස් රොජර්ස් 11, ඬේවිඞ් වෝනර් 16, ෂේන් වොට්සන් 43, මයිකල් ක්ලාක් 10, ස්ටීවන් ස්මිත් 115, බ‍්‍රැඞ් හැඩින් 75, මිචෙල් ජොන්සන් 12, රයාන් හැරිස් 22, ජේම්ස් ඇන්ඩසන් 67/1, ස්ටුවර්ට් බ්‍රෝඞ් 65/2, බෙන් ස්ටෝක්ස් 99/6, ස්කොට් බ‍්‍රැත්වික් 49/1)
එංගලන්තය - පළමු ඉනිම කඩුලූ 1 ක් දැවී 08
(ඇලිස්ටෙයාර් කුක් නොදැවී 07, මිචෙල් ජොන්සන් 03/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.