Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්මිත් නැවතත් නායකත්වයට පත්විය හැකියි - මාක් ටේලර්

ස්මිත් නැවතත් නායකත්වයට පත්විය හැකියි - මාක් ටේලර්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් අධ්‍යක්ෂක මාක් ටේලර් මහතා නයින් නෙට්වර්ක්හී සාකච්ජාවකට එක්වෙමින් පවසා සිටියේ තරග තහනමකට ලක්ව සිටින ස්ටිව් ස්මිත් හට තරග තහනමෙන් අනතුරුව නැවතත් කණ්ඩායමේ නායකත්වයට පත්වීමට හැකියාව ඇති බවයි.

පසුගියදා දකුණු අපි‍්‍රකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවන ටෙස්ට් තරගය අතරවාරයේ පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක් වීම නිසා ස්ටිව් ස්මිත්ට හා ඩේවිඩ් වෝනර්ට මාස 12 ක  තරග තහනමක් සහ කැමරොන් බැන්ක්‍රොෆ්ට්ට මාස 9ක තරග තහනමක් පැනවීය. මේ නිසා ස්ටිව් ස්මිත්ගේ තරග තහනම ලබන වසරේ මාර්තු දක්වා කි‍්‍රයාත්මක වේ.

‘‘ස්ටිව් ස්මිත් මට, ඒ වගේම හැමෝටම අවශ්‍ය කෙනෙක්. මගේ මතයට අනුවනම් නොසැලකිලිමත්කම නිසයි ඔහු වරද කරුවෙකු වුනේ යැයි ටේලර් මහතා පවසා සිටියේය.

ඔහු මේ කි‍්‍රයාව දැක ඇති මුත් එය ඔහු නවත්වපු නැති එකයි වරද... මම දකින්නේ එය නොසලකා හැරීමේ වරදක් විදියට. නමුත් ඔහු වංචා කාරයෙක් නොවේ. ඔහු හොඳ පුද්ගලයෙක් යැයි තවදුරටත් කරුණු පවසා සිටියේය.

ස්මිත් තරග තහනමට ලක් වීමත් සමග ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට  ටිම් පේන් ස්ථීර ලෙස පත් කළද, ඔහුගේ නායකත්වය සීමිත තරග සඳහා යොදා ගන්නේද යන්න තවමත් අවිනිශ්චිතය. ටිම් පේන් තෝරා නොගන්නේ නම් එක්දින කණ්ඩායමේ සහ විස්සයි20 කණ්ඩායමේ නායකත්වය 31 හැවිරිදි ඒරන් ෆින්ච්ට හිමි විය හැකි බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තරග තහනමට ලක් වූ ස්ටිව් ස්මිත් ටෙස්ට් තරග 34 කට, එක්දින තරග 51 කට සහ විස්සයි 20 තරග 8 කට නායකත්වය සපයා ඇත. එහිදී ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන අංශ තුනෙහිම 50% කට වැඩි ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් පවත්වා ගනිමින් කණ්ඩායමේ ජයග‍්‍රහණයට දායකත්වය සපයා ඇත.

මාක් ටේලර් මහතා අවසන් වරට ප‍්‍රකාශ කර සිටියේ, ‘‘  ඕස්ටේ‍්‍රලියාවේ නායකයා ලෙස ඔහු නැවත කැඳවනු ලබන්නේනම්, ඔහු හොඳ නායකයෙකු විය හැකි බවයි.

- 024


අදහස් (0)

ස්මිත් නැවතත් නායකත්වයට පත්විය හැකියි - මාක් ටේලර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.