Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සටනක් දී මිස ‘අළු බඳුන’ අත නොහරිමු යන අදිටනින් තරග කරන එංගලන්ත කී‍්‍රඩකයෝ පර්ත්හිදී පැවත්වෙන තුන්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු වැනි දිනය වන අද (13 වැනිදා) ඕස්ටේ‍්‍රලියානු පිලේ කඩුලූ 5 ක්ම ලකුණු 143 කට බිම දැමූහ. එහෙත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටීවන් ස්මිත් (නොදැවී 103) සහ බ‍්‍රැඞ් හැඩින් (55) ඕස්ටේ‍්‍රලියානු පිල වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩගත්හ.
පළමු ටෙස්ට් තරග දෙකේදීම වමතින් පන්දු යවමින් එංගලන්ත පිල විනාශ කළ මිචෙල් ජොන්සන් (නොදැවී 39) ස්මිත් සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක්කිරීම නිසා පළමු දිනයේ තරගය නතර කරන විට කඩුලූ 6 කට ලකුණු 326 ක ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත්ව සිටියේය.
කාසියේ වාසිය දිනාගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඇතැම් අවස්ථාවන්හිදී ඕවරයකට ලකුණු 5.00 ඉක්මවූ වේගයකින් ලකුණු ලබාගනිමින් සිටියේය. එහෙත් ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ගේ‍්‍රඒම් ස්වෝන් දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ හිතූමතේ පහර ගැසීමට ගිය ඕස්ටේ‍්‍රලියානුවෝ තමන්ගේ ඉදිරි පෙළ කඩුලූ 5 ක්ම අහිමි කරගත්හ.
කෙසේ වෙතත් තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙසින් කී‍්‍රඩා කරන ස්ටීවන් ස්මිත් සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගනිමින් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියේ ටෙස්ට් තරගයදී දිනයක් ඇතුළතදී සාමාන්‍යයෙන් ලබාගන්නා ලකුණු මට්ටමට පිවිසෙමිනි. පන්දු 191 කට මුහුණ දුන් ස්මිත් හතරේ පහර 13 කින් සහ හයේ පහර 2 කින් තම ඉනිම සැරසීය.
ඇඩිලේඞ් පිටියේදී තරගය ජයගත් කණ්ඩායම සමගින් පිටියට පිවිසි ඕස්ටේ‍්‍රලියානු නායකයා දැවීගියේ දිවා ආහාරය පෙනි පෙනී තිබියදී ගේඒම් ස්වෝන් හමුවේ ගැසූ මුරණ්ඩු පහරකිනි. තම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම (ඉන්දියාවට එරෙහිව 180 යි) කී‍්‍රඩා කළ පර්ත් තණතීරුවේදීම තරමක් වේගයෙන් ලකුණු ලබාගත් ඬේවිඞ් වෝනර් පන්දු 77 කට පසුව, ලකුණු 60 කට දැවී ගිය අතර ඕස්ටේ‍්‍රලියානු විස්සයි:20 නායකයා වන ජෝර්ජ් බේලි හුක් පහරකින් දැවී ගියේය.
තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේවන විටත් 2-0 ක් ලෙසින් අළු බඳුන තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 326
(කි‍්‍රස් රොජර්ස් 11, ඬේවිඞ් වෝනර් 60, ෂේන් වොට්සන් 18, මයිකල් ක්ලාක් 24, ස්ටීවන් ස්මිත් නොදැවී 103, බ‍්‍රැඞ් හැඩින් 55, මිචෙල් ජොන්සන් නොදැවී 39, ස්ටුවර්ට් බ්‍රෝඞ් 78/2, බෙන් ස්ටෝක්ස් 52/1, ගේ‍්‍රඒම් ස්වෝන් 71/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.