Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කරන ‘ස්ලාඩාර් 1000’ රැළිය මේ මස 19, 20 සහ 21 යන දින වලදී දිවයින පුරා කිලෝ මීටර් 1000 ක් ආවරණය වන පරිදි පැවැත්වේ.
ඞීමෝ ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අදියර 4 කින් සමන්විත වේ.
පෙබරවාරි 19 වැනිදා කොළඹ 14, ඞීමෝ ආයතනය අසලින් පස්වරු 7.00 ට ආරම්භ වන මෙම රැළියේ පළමු අදියරේදී තරගකරුවන්ට කොළඹ සිට කුරුණෑගල දක්වා පැය 4.30 ක කාලයක් ගමන් කිරීමට සිදුවේ. ඉන් පසුව පැය භාගයක විවේකයකින් අනතුරුව ඔවුන්ට කුරුණෑගල සිට රළු මංමාවත් ඔස්සේ පැය 5 ක කාලයකින් මහනුවරට ලගා වීමට සිදුවේ.
පෙබරවාරි 20 වැනිදා පස්වරු 4.00 ට මහනුවර නාගරික වෙළඳ සංකීර්ණය (සිටි සෙන්ටර්) අසලින් ආරම්භ වන දෙවැනි අදියරේදී තරගකරුවන්ට මහනුවර නගරය ආශිත මං මාවත්වල පැය 4.30 ක කාලයක් ධාවනයේ යෙදීමට සිදුවනු ඇත.
ඉන් පසුව මහනුවරදී පැය 2 ක විවේකයක් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන්ට තෙවැනි අදියර යටතේ තවත් පැය 4.30 ක කාලයකින් රත්නපුරට හෝ අවිස්සාවේල්ලට ලඟාවීමට සිදුවේ.
සිව්වැනි අදියර යටතේ රත්නපුරෙන් හෝ අවිස්සාවේල්ලෙන් ගමන් ආරම්භ කරන මෙම රැළිය, පෙබරවාරි 21 වැනිදා පෙරවරු 7.00 වන විට නැවත ඞීමෝ ආයතනය අසලට ලඟා වීමෙන් අවසන් වේ.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය එදිනම (21 වැනිදා) පෙරවරු 11.00 ට ඞීමෝ ආයතනයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.