Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්වෝන් හංස ගීතය ගයයි

ස්වෝන් හංස ගීතය ගයයි

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ තරග දෙකක් ඉතිරිව තිබියදීම අන්තර්ජාතික සහ පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට එංගලන්ත දග පන්දු යවන කී‍්‍රඩක ගේ‍්‍රඒම් ස්වෝන් තීරණය කර ඇත. තරගාවලියේ පළමු තරග තුනම ජයගනිමින්  ඕස්ටේ‍්‍රලියානු පිල නැවතත් අළු බඳුන ජයගැනීමෙන් දින කිහිපයකට පසුව ස්වෝන්ගේ මෙම තීරණය ප‍්‍රකාශයට පත් කෙරිණ.

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරග තුනේදී  ඕවර 142 ක් යවමින් කඩුලූ 7ක් දවාගත් ගේඒම් ස්වෝන් පවසන්නේ දීර්ඝ කාලීන කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදීමට තමන්ගේ ශරීරය තවදුරටත් ඔරොත්තු නොදෙන බැවින් අන්තර්ජාතික සහ පළමු පෙළ කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බවයි.

ස්වෝන් පවසන්නේ නැවතත් ගොඩනැගිය යුතු කණ්ඩායමක තමන් තවදුරටත් රැුඳී සිටීම අසාධාරණ බවයි.

”ඒක හරිම සරලයි. මා මේ සංචාරය සඳහා මා පිටත්ව එද්දීම මා  සිතා සිටියේ මෙය එංගලන්තය වෙනුවෙන් මගේ අවසන් සංචාරය විය හැකි බවයි.”

”වසර 2010-11 තරගාවලියෙදි කළා වගේ  ඕස්ටේ‍්‍රලියාවේදී නැවතත් අළු බඳුන ආරක්‍ෂා කරගන්නා තමයි මාත් හිතා හිටියේ. ඒත්, තරග තුනකට පස්සේ, අළු බඳුන දැනටමත් අපෙන් ගිළිහී ගොස් තියෙද්දී මා තවදුරටත් ආත්මාර්ථකාමීව මෙම ස්ථානයේ එල්ලී සිටීන වැරදි බවයි මට හිතෙන්නේ” යයිද ස්වෝන් පැවසීය.

 


අදහස් (2)

ස්වෝන් හංස ගීතය ගයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.