Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි.
ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 11 ක් පසුපසින් සිටි අවස්ථාවේදී අවසන් ඕවරය යැවීම සඳහා මොහොමඩ් සාමි කැඳවීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා පියවර ගත්තේ ඔහු මෙම තරගයේදී එක් ඕවරයක් හෝ නොයවා තිබූ අවස්ථාවකය.
එපමණක් නොව සාමි ජාත්‍යන්තර විස්සයි-20 තරගයකදී පන්දු යැවීමට පැමිණියේ වසරකට පමණ පසුවය.
ඉකුත් වසරේ (2021) පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දීය විස්සයි-20 කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ සාමිට, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වූයේද ජස්ප්‍රීට් බුම්රා ආබාධයකට ලක්වීම හේතුවෙනි. කෙසේ වුවත් ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් ඔහු අවසන් ඕවරය ලකුණු 4 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඒරන් ෆින්ච් පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 76 ක් රැස්කිරීමට සමත් විය. කෙසේ වුවත් හර්ෂාල් පටේල් යැවූ 18 වැනි ඕවරයේ පළමු පන්දුවේද ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ෆින්ච් දැවී යෑමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ විය. ඉන් අනතුරුව ඔවුන්ගේ අවසන් කඩුලු 5 ම බිඳවැටුණේ ලකුණු 9 ක් ඇතුළතය.
කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලෝකේෂ් රාහුල්ගේ සහ සූර්යකුමාර් යාදව්ගේ වේගවත් පිතිහරඹයන් හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 186 ක් ලබාගත්තේය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 14 කට මුහුණදුන් දිනේෂ් කාර්තික් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
වේගවත් සම්බන්ධතාවක නිරත වූ රාහුල් (නොදැවී 57) සහ රෝහිත් ශර්මා (15) ආරම්භක කඩුල්ල සඳහා පන්දු 45 කින් ලකුණු 78 ක් එක් කළහ. එහිදී පන්දු 33 කට මුහුණදුන් රාහුල් හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසුවේය. ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ ඇස්ටන් ආගර් අතට උඩ පන්දුවක් දෙමින් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
රෝහිත් ශර්මා ලකුණු 15 කටත්, විරාට් කෝලි ලකුණු 19 කටත් දැවී ගිය නමුත් තමාගේ සුපුරුදු පිතිහරඹ රටාව අනුගමනය කරමින් වේගයෙන් ලකුණු කරා ගිය සූර්යකුමාර් යාදව්, පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ඉන්දීය ඉනිමේ බිඳවැටුණ කඩුලු 7 න් 4 කටම හිමිකම් කී කේන් රිචඩ්සන්, සිය ඕවර 4 තුළ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 30 ක් පමණි. මිචෙල් ස්ටාක්, ග්ලේන් මැක්ස්වෙල් සහ ඇස්ටන් ආගර් කඩුල්ල බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 200 සීමාවට මෙපිටින් නවතා ගැනීම සඳහා රිචඩ්සන්ට සහය දැක්වූහ.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 186
(ලෝකේෂ් රාහුල් 57, රෝහිත් ශර්මා 15, විරාට් කෝලි 19, සූර්යකුමාර් යාදව් 50, දිනේෂ් කාර්තික් 20, කේන් රිචඩ්සන් 30/4)
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී සියලු දෙනා දැවී 180
(මිචෙල් මාෂ් 35, ඒරන් ෆින්ච් 76, ග්ලේන් මැක්ස්වෙල් 23, මොහොමඩ් සාමි 04/3, බුවනේෂ්වර් කුමාර් 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.