Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සැලැස්මකට කී‍්‍රඩා කළොත් දිනන්න පුළුවන් - නාමල්

සැලැස්මකට කී‍්‍රඩා කළොත් දිනන්න පුළුවන් - නාමල්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් - සෙරන්ඩිබ්’ කුසලාන අන්තර්ජාතික තුන්කොන් රග්බි තරගාවලියේදී කණ්ඩායමේ සැළැස්මට අනුව ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණ හොත් පහසුවෙන් තරගාවලිය ජය ගතහැකි බව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක නාමල් රාජපක්‍ෂ පවසයි.

මෙම තරගාවලිය පැවැත්වෙන නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පුහුණු සැසියෙන් පසුව ‘ලංකාදීප’ සමග විශේෂ සාකච්ඡවකට සහභාගි වෙමින් නාමල් රාජපක්‍ෂ මෙසේ ද පැවසීය.

‘‘අපේ කණ්ඩායම සමස්තයක් වශයෙන් සමබර කණ්ඩායමක්, අපි කණ්ඩායමක් හැටියට සැළැස්මට අනුව ක‍්‍රීඩා කළහොත් මෙම තරගාවලිය පසුවෙන් ජය ගන්න පුළුවන්’’
‘‘හොඳ සූදාමක් තියෙනවා, විශේෂයෙන්ම මෙහිදී තරුණ ක‍්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදී තිබෙනවා 2015 දී ආසියාවේ ප‍්‍රධානතම කණ්ඩායම් 5 අතරේ පැවැත්වෙන තරගාවලියට සහභාගි වීම සඳහා අපිට අත්දැකීම් අවශ්‍යයි. ඒ සඳහා තරුණ ක‍්‍රීඩකයන්ට අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් හැටියට ෆාසීල්, ලියනගේ ඇතුළු ක‍්‍රීඩකයන් කීපදෙනෙක් කණ්ඩායමේ ඉන්නවා’’

මැඩගස්කරයට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේ සූදානම පිළිබඳව නාමල් මෙසේ පැවසීය.
‘‘අපි මැඩගස්කර සමග තරගය පිළිබඳව පමණයි මේ වන විට අවධානය යොමු කර තිබෙන්නේ. අපේ පරිසරය සමග හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ කණ්ඩායම වේගවත් කණ්ඩායමක්, මේ වන විට ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් ඉන්නවා’’

තමන්ගේ සූදානම පිළිබඳව කළ විමසීමකදී ...
‘‘පුහුණු සැසියකදි ආබාධයකට ලක්වුණා. එහි පොඩි ශල්‍යකර්මයකුත් කළා, ඒත් දැන් සෙල්ලම් කරනවා’’ යයිද නාමල් පැවසීය.

‘‘මේක හොඳ ආරම්භයක්, පළමු වරට අපි අප‍්‍රිකාව සහ යුරෝපය සමග ක‍්‍රීඩා කරන්නේ, මේ රග්බි ක‍්‍රීඩාවට පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ සමස්ත ක‍්‍රීඩාවට අනගි අවස්ථාවක්, රග්බි ක‍්‍රීඩාවට ආදරය කරන සහ නොකරන සියලූම ශ්‍රී ලාංකිකයන්ට මම ආරාධනා කරනවා ජාතික රග්බි කණ්ඩායම දිරිගන්වන්න ක‍්‍රීඩාංගණයට එන්න කියලා’’ යැයි නාමල් රාජපක්‍ෂ වැඩි දුරටත් පැවසීය. 

මෙම තරගාවලිය පැවැත්වෙන කොළඹ පැරණි තරඟ තරග පිටියේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක මෙන් දැවැන්ත ආලෝක කුළුණු හතරකින් ආලෝකය සැපයෙන අතර එය අන්තර්ජාතික රග්බි තරගයකට ඉතාමත් සුදුසු යැයි ක‍්‍රීඩකයෝ පැවසූහ.

 

(ඡායාරූපය : ශාන්ත රත්නායක)

 


අදහස් (0)

සැලැස්මකට කී‍්‍රඩා කළොත් දිනන්න පුළුවන් - නාමල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.