Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හැමිල්ටන් නුවර සෙඩාන් උද්‍යාන ක්‍රීඩාංගණය නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ එක්තරා බලකොටුවකි. ඒ බව නැවත වරක් සනාථ කරමින් හැමිල්ටන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සම්පූර්ණ ගෞරව දිනාගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ දෙවැනි දිනය වන අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේ එංගලන්තයට වඩා ලකුණු 340 ක් ඉදිරියෙන් සිටිමිනි. සිය මව්බිමේදීම පිට පිටම ටෙස්ට් තරග 4 කින් පරාජය වී සිටින නවසීලන්තයට මෙම ලකුණු සංඛ්‍යාව අනුව එම අපකීර්තිමත් සිදුවීම් මාලාව නතර කිරීමට අවස්ථාව දැන් උදාවී තිබේ.
මිචෙල් සෑන්ට්නර්ගේ (76) ධෛර්යවන්ත පිතිහරඹය නිසා සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 347 ක් ලබාගත් නවසීලන්ත ක්‍රීඩකයෝ එංගලන්තයේ මුල් ඉනිම ලකුණු 143 කට සීමා කළහ. එහිදීත් නවසීලන්තය වෙනුවෙන් ඉදිරියට පැමිණි සෑන්ට්නර් ලකුණු 07 කට කඩුලු 3 ක් දවාගත්තේ එංගලන්තයේ අවසන් කඩුලු 5 ම ලකුණු 09 කට බිම දැමීමට සම්මාදම් වෙමිනි. සෑන්ට්නර්ගේ දායකත්වය නිසාම නවසීලන්තයට ලකුණු 204 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ.
අද පෙරරුවේ පළමු හෝරාව එහෙම පිටින්ම පාහේ අත්පත් කරගත් සෑන්ට්නර් සහ විලියම් ඕ’රූක් දෙදෙනා, 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක් එකතු කළහ. එයින් සිදුවූයේ එංගලන්ත ක්‍රීඩකයන් වඩ වඩාත් අසහනයට පත්වීමයි.
මැතිව් හෙන්රි විසින් එංගලන්ත ඉනිමේ සිරස බිඳ දමන ලදි.
හෙන්රි, ලකුණු 33 ක් ඇතුළත එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීමෙන් පසුව විලියම් ඕ’රූක් ආක්‍රමණය බාරගත්තේය. අඩි 6 යි, අඟල් 4 ක් උස වේග පන්දු යවන්නා බවුන්සර් වරුසාවකින් එංගලන්ත පිතිකරුවන් අන්ද මන්ද කළේය. ඒ පන්දු හැම එකක්ම පාහේ පැයට සැතපුම් 90 ඉක්මවූ වේගයකින් පැමිණි ඒවා විය. එංගලන්ත පිතිකරු ලයිස්තුවේ අංක 3, 4 සහ 5 පිතිකරවෝ තිදෙනාම ඕ’රූක් හමුවේ දැවී ගියහ. ඒ අතර ලෝකයේ දැනට සිටින විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෝ දෙදෙනාත් (හැරී බෲක් සහ ජෝ රූට්) සිටියහ.
ලකුණු 82 කට කඩුලු 5 ක් බිඳ වැටීමෙන් අසරණ වූ එංගලන්ත කණ්ඩායම ඉදිරියට ඇදගෙන යාමට ඔලී පෝප් (24) සහ නායක බෙන් ස්ටෝක්ස් (27) සමත් වූවත් මිචෙල් සෑන්ට්නර් විසින් ඔලී පෝප් දවාගැනීමත් සමගින් ලකුණු 09 ක් ඇතුළත සියල්ල අවසන් විය.
පළමු ඉනිමේදී ටොම් ලෙතම් කළ කාර්යය දෙවැනි ඉනිමේදී විල් යංග් බාරගත්තේය. පන්දු 85 කින් ලකුණු 60 ක් ලබාගත් ආරම්භක පිතිකරුවා, හිටපු නායක කේන් විලියම්සන් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් ද ගොඩනැංවීය. දිනය අවසන් වන විට කේන් විලියම්සන් හැමිල්ටන් ක්‍රීඩාංගණයේදීම තමන් ලබාගත් 21 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කර තිබිණ.
නවසීලන්තය - පළමු ඉනිම 347 යි
(ටොම් ලෙතම් 63, විල් යංග් 42, කේන් විලියම්ස් 44, රචින් රවීන්ද්‍ර 18, ඩැරිල් මිචෙල් 14, ටොම් බ්ලන්ඩ්ල් 21, මිචෙල් සෑන්ට්නර් 76, ටිම් සවුති 23, මැතිව් පොට්ස් 90/4, ගස් ඇට්කින්සන් 66/3, බ්‍රයිඩන් කාර්ස් 78/2)
එංගලන්තය - පළමු ඉනිම 143 යි
(සැක් ක්‍රෝලි 21, බෙන් ඩකට් 11, ජේකබ් බෙතීල් 12, ජෝ රූට් 32, ඔලී පෝප් 24, බෙන් ස්ටෝක්ස් 27, මැතිව් හෙන්රි 48/4, විලියම් ඕ’රූක් 33/3, මිචෙල් සෑන්ට්නර් 07/3)
නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 136
(ටොම් ලෙතම් 19, විල් යංග් 60, කේන් විලියම්සන් නොදැවී 50, බෙන් ස්ටෝක්ස් 45/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.