Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය වර්ෂාව නිසා අත්හැර දැමීම හේතුවෙන් එක් ලකුණක් ලබා සිටින සිම්බාබ්වේ පිල ‘බී’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී පරාජයට පත්වූ පාකිස්තානය පසුවන්නේ ‘බී’ කාණ්ඩයේ පස්වැනි ස්ථානයේය.
සිම්බාබ්වේ පිල
ක්‍රෙග් අර්වින් (නායක), වෙස්ලි මැදිවේරි, මිල්ටන් ශුම්බා, ෂොන් විලියම්ස්, සිකන්දර් රාසා, රේගිස් චකබ්වා, රයන් බර්ල්, ලූක් ජොන්වේ, බ්‍රැඩ් එවන්ස්, රිචඩ් න්ගාරාවා සහ බ්ලෙසිං මුසරබානි
පාකිස්තාන පිල
බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ශාන් මසූද්, ඉෆ්තිකාර් අහමඩ්, ශදාබ් ඛාන්, හයිදර් අලී, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම්, ශහීන් අෆ්රිඩි, හාරිස් රවුෆ් සහ නසීම් ෂා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.