Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද සිම්බාබ්වේ කණ්ඩායමට හැකි විය.
සිම්බාබ්වේ කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී පාකිස්තානය පරාජයට පත්කළ දෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර පාකිස්තානය විස්සයි-20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය පත්ව තිබුණේ 2021 වසරේ අප්‍රේල් මස 23 වැනිදා හරාරේහිදීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. ජයග්‍රහණය සඳහා පාකිස්තානයට අවසන් ඕවරයේදී ලකුණු 11 ක් අවශ්‍ය වූ නමුත් කඩුල්ලක් දවාගනිමින් එම ඕවරය ලකුණු 9 කට සීමා කිරීමට බ්‍රැඩ් එවන්ස් සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිකන්දර් රාසා ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කළ අතර පාකිස්තානයේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් බ්‍රැඩ් එවන්ස් ලකුණු 25 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
ආරම්භක පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ශාන් මසූද් පන්දු 38 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක් රැස්කළ මොහොමඩ් නවාස් දැවී ගියේ පාකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය පෙනි පෙනී තිබියදීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් ලබාගත්තේය. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂොන් විලියම්ස් පන්දු 28 කින් ලකුණු 31 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් වසීම් සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේය. සිම්බාබ්වේ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා වසීම්ට අනගි සහායක් දුන් ශදාබ් ඛාන් කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමිනි.
සිම්බාබ්වේ පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 130
(වෙස්ලි මැධිවේරි 17, ක්‍රෙග් අර්වින් 19, ෂොන් විලියම්ස් 31, බ්‍රැඩ් එවන්ස් 19, මොහොමඩ් වසීම් 24/4, ශදාබ් ඛාන් 23/3)
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 කට 129
(මොහොමඩ් රිස්වාන් 14, ශාන් මසූද් 44, ශදාබ් ඛාන් 17, මොහොමඩ් නවාස් 22, සිකන්දර් රාසා 25/3, බ්‍රැඩ් එවන්ස් 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.