Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සිවුදින තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්වීමත් සමග දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත සිවුදින තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ.
දෙවැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 284 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි මොහොමඩ් සුලේමන් නොදැවී ලකුණු 66 ක්ද, හයිඩර් අලී නොදැවී ලකුණු 43 ක්ද ලබා සිටියහ.
ලකුණු 67 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී පාකිස්තාන ‘ඒ’ දෙවැනි ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට සුලේමන් සහ අලී සමත් වූහ. දෙවැනි ඉනිමේදී බිඳ වැටුණු කඩුලු 3 ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර සහ නිපුන් ධනංජය අතරේ බෙදී ගියේය.
ලකුණු 23 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 260 ක් ලබාගැනීමෙන් අනතරුව ඉනිම අත්හිටුවා පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට දෙවැනි ඉනිම ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ශතක ලබාගැනීමට පවන් රත්නායක (100) සහ සොනාල් දිනූෂ (නොදැවී 116) සමත් වූ අතර පවන්ගේ ශතකය හතරේ පහර 8 කින්ද, සොනාල්ගේ ශතකය හතරේ පහර 10 කින්ද සමන්විත විය. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 214 කි.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 310
(අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, කුරාම් ශෙෂාඩ් 30/6, අහමඩ් සාෆි අබ්දුල්ලා 100/2)
පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 287
(අබ්දුල් ෆශී 59, අලී සර්යබ් 32, මොහොමඩ් සුලෙයිමාන් 40, හයිදර් අලී 35, හුසේන් තලාත් 25, අහමඩ් සාෆි අබ්දුල්ලා 39, වනුජ සහන් 74/5)
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 260
(පවන් රත්නායක නොදැවී 100, සොනාල් දිනූෂ නොදැවී 116)
පාකිස්තාන ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 156
(අලී සර්යබ් 31, මොහොමඩ් සුලෙයිමාන් නොදැවී 66, හයිදර් අලී නොදැවී 43)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.