Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටය යටතේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (06) පස්වරුවේ පැවැති තරගයේදී සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල ලකුණු 31-28 කින් නාවික හමුදාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.
මෙම තරගය පුරාවටම ඉතාමත් තියුණු එකක් වූ අතර අවස්ථා හතරකදී ලකුණු සම වීම කැපී පෙනුණි.
තරගය පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 14-14 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.
තරගය ආරම්භ වී මිනිත්තු දෙකක් ගතවීමට පෙර සී. එච්. පිලේ වින්ගර් ක්‍රීඩක අනුරාධ හේරත් ගෝල කණු අතර තැබූ පන්දුවට සැමුවෙල් මධුවන්ත අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.
ඉන් මිනිත්තු 10 කට පසුව නාවික හමුදා පිලට කසුන් ද සිල්වා විශිෂ්ට ලෙස උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර තිළිණ වීරසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 7-7 ක් ලෙස සමවිය.
බුද්ධිම පියරත්න 25 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට පත්කිරීමෙන් නාවික හමුදා පිල ලකුණු 14-7 ක් ලෙස පෙරමුණට පැමිණියේය.
අනුරාධ හේරත් 35 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම සී. එච්. පිලට එකතු කළේය. සැමුවෙල් මධුවන්ත එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 14-14 ක් ලෙස සමවිය.
සැමුවෙල් මධුවන්ත දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදීම උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් එයට අතිරේක ලකුණු දෙක ද මුසුකමින් සී. එච්. පිල ලකුණු 21-14 ක් ලෙස ඉදිරියට ගත්තේය.
තනූජ මාලිම්බඩ ක්‍රියාත්මක වෙමින් නවවැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර තිළිණ වීරසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. එයත් සමඟින් ලකුණු පුවරුව 21-21 ක් බවට පත්ව තෙවැනි වරටත් ලකුණු සමවිය.
සුදම් සූරිආරච්චි 14 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ සී. එච්. පිල ලකුණු සංඛ්‍යාව 28 ක් බවට පත්කරගත්තේය.
නාවික හමුදා පිලේ චතුර සෙනෙවිරත්න 19 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වෙමින් සී. එච්. ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් පැති රේඛාව ඔස්සේ දිවයමින් වම් පස කොඩි කණුව අසළින් පන්දුව පතිත කළේය. තිළිණ වීරසිංහ විශිෂ්ට ලෙස එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 28-28 ක් ලෙස සිවුවැනි වරටත් සමවිය.
සී. එච්. පිලට 25 වැනි මිනිත්තුවේදී මීටර 45 ක් පමණ දුර සිට ලැබුණු දඩුවම් පහර සැමුවෙල් මධුවන්ත ගෝල කණු දෙක අතරින් යැවීමට සැළැස්වීමෙන් සී. එච්. පිල ලකුණු 31-28 ක් ලෙස ඉදිරියට පැමිණියේය.
අවසන් මිනිත්තු 15 තුළදී දෙපිලටම ලකුණු රැස්කිරීමට නොහැකි වූ අතර නාවික හමුදා පිල අවස්ථා කීපයකදීම ගෝල සීමාව පෙනෙන මානයට පැමිණිය ද අතපසුවීම් පරාජයට මුල පිරුවේය.
ශ්‍රී ලංකා සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන ඇඩම් ගවුඩර් මෙම තරගයේදී සී. එච්. පිලට සෙන්ටර් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ ද ඔහුගෙන් කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය නොවීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.