Last Update  :  2025-03-31 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති

editorial - 2025 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය නිමාවට පත්වන විට තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්ව තිබේ. ඒ මෙතෙක් සහභාගි වූ තරග 5 ම ප්‍රසාද ලකුණක්ද සමග ජයගෙන මුලු ලකුණු 30 කට හිමිකම් කියමිනි. 

මේ වන විට තරග 6 කට සහභාගි වී ඇති හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයද, ප්‍රසාද ලකුණු 5 ක් සමග තරග 5 ක් ජයගෙන ලකුණු 30 ක් ලබා සිටින නමුත් ඔවුන්ට හිමිව ඇත්තේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයයි. ඒ ඔවුන් සහභාගි වූ එක් තරගයක් මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පරාජය වීම හේතුවෙනි. 

මහනුවර කණ්ඩායම තරග 5 කට සහභාගි වී එම තරග 5 ම ජයගෙන තිබුණද, එහිදී ලබාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 4 ක් පමණි. හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මහනුවර කණ්ඩායමට ප්‍රසාද ලකුණක් ලබාගැනීමට නොහැකි විය. ඒ අනුව ඔවුන් ලකුණු 29 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

කෙසේ වුවත් තවමත් තරගාවලිය තුළ අපරාජිතව සිටින කණ්ඩායම් දෙක වන්නේ සී.ආර්. කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම පමණි. සෙසු සෑම කණ්ඩායමක්ම එක් තරගයක් හෝ පරාජයට පත්ව තිබේ. ගුවන් හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් සමග තරග 3 ක් ජයගෙන ලකුණු 17 ක් ලබා ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවේ.  

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. 

කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි. 


හයවැනි සතියේ තරග ප්‍රතිඵල 

■ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 29-18 කින් යුද හමුදාව පරදවයි. 
■ ගුවන් හමුදාව ලකුණු 20-19 කින් පොලිසිය පරදවයි. 
■ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 27-22 කින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවයි. 
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 66-05 කින් නාවික හමුදාව පරදවයි. 

 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.