Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිට පිට තරග ගණනාවක් පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි තැනට ඇද වැටී සිටින සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් පොලිස් කණ්ඩායම ලකුණු 53-13 කින් පරදවා නැවත ජයග්‍රාහි මාවතට පිවිසීමට සමත්විය.
තරගයේ ආරම්භයේදීම අවිශ්ක හීන්පැල්ලත්, නායක කවිඳු පෙරේරාත් තැබූ අගනා උත්සාහක දිනුම් 2 කින් ලකුණු 10-0කින් පෙරමුණ ගැනීමට සමත්වූ සී.ආර්.පිල ඊට මොහොතකට පසුව ලකුණු 17-0 කින් ඉදිරියට ගියේ තරින්ද රත්වත්ත තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමගය.
කෙසේ වෙතත් දඬුවම් පහර දෙකක්ම සාර්ථක කරගත් සංදේශ් ජයවික්‍රම පොලිස් පිලේ ලකුණු ලබාගැනිමත් ආරම්භ කළේය.
තරගයේ පළමුභාගය නිමාවීමට පෙර සිය දෙවැනි උත්සාහක දිනුම තැබිමට සී.ආර්.පිලේ නායක කවිඳු පෙරේරා සමත්විය. ඊට පෙර හෆීස් නූර් තැබූ උත්සාහක දිනුමක් තැබීමට සමත්විය. මේ උත්සාහක දිනුම් 2 ම ගෝල බවට ප්‍රවර්ථනය කළ තරින්ද රත්වත්ත පළමු භාගය නිමාවීමට පෙර අගනා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායම ලකුණු 34-6 කින් ඉහළට ඔසවා තැබුවේය.
fදැවනි භාගයේ ආරම්භයේදී උදාර සූරියප්පෙරුම තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ සංදේශ් ජයවික්‍රම පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉදිරියට ගෙන ගියේය. එහෙත් ඊට මිනිත්තු කිහිපයකට පසුව සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට තරින්ද රත්වත්ත සමත්වීමෙන් සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 39-13ක් ලෙස ඉහළ ගියේය.
අනතුරුව ශානක කුමාර පිට පිට තැබූ උත්සාහක දිනුම් 2 ක් ගෝල බවට ප්‍රවර්ථනය කළ තරින්ද රත්වත්ත දිනයේ කාර්යබහුලතම ක්‍රීඩකයා බවටත් පත්වූයේ සී. ආර්. පිලේ ලකුණු සංඛ්‍යාව 53 ක් දක්වා ඉහළ දමමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.