Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ’ක්ලිෆඩ් කුසලාන’ අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට සී.ආර්. ක්‍රීඩකයෝ ලකුණු 15-10 ක් ලෙස පෙරමුණේ පසුවූහ. දෙවැනි අර්ධයේදී සී.ආර්. කණ්ඩායම ලකුණු 10 ක් රැස්කරද්දී, හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 14 ක් රැස්කළ නමුත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයේ ජය සී.ආර්. කණ්ඩායමට හිමිවිය.
මෙම තරගයේදී සී.ආර්. කණ්ඩායම ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු රැස්කළ අතර හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගිනි. ඒ අනුව තරගයේ නියමිත කාලය නිමාවට පත්වන විට ලකුණු 25-24 ක් ලෙස සී.ආර්. කණ්ඩායම, හැව්ලොක්ස් කණ්ඩායමට වඩා ලකුණක් ඉදිරියෙන් සිටියේය.
එහිදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් චතුර දිල්ෂාන් උත්සාහක දිනුම් දෙකක්ද, උදාර ලක්ෂාන් එක් උත්සාහක දිනුමක්ද ලබාගත් අතර එම උත්සාහක දිනුම් තුනේම ප්‍රවර්ථනයන් සහ දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට සන්දේෂ ජයවික්‍රම සමත් විය. සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම් 2 ක්ද, චෙමෝද් මුතුනායක එක් උත්සාහක දිනුමක්ද ලබාගත් අතර ඉන් දෙදක ප්‍රවර්ථනයන් සහ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ සුබේර් දොරේ විසිනි.
මෙම තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායමේ සන්දේෂ ජයවික්‍රම සහ තිවේන් පෙරේරාද, සී.ආර්. කණ්ඩායමේ රැන්ඩි සිල්වාද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබීය.
මෙම තරගයෙන් අනතුරුව සී.ආර්. කණ්ඩායමේ හිටපු නායක සොහිරු ඇන්තනී සහ මහනුවර කණ්ඩායමේ හිටපු නායක නයිජල් රත්වත්තේ දේශීය තරග බිමට සමුදීමට නියමිතය. අන්තර් සමාජ රග්බි තරග 187 කට ක්‍රීඩා කර ඇති නයිජල්, ලීග් ශූරතා 10 කට සහ පිළිමළුන් පිටුදැකීමේ ශූරතා 5 කට හිමිකම් කියන අතර තරග 168 කට ක්‍රීඩා කර ඇති සොහිරු, ලීග් ශූරතා 8 කට සහ පිළිමළුන් පිටුදැකීමේ ශූරතා 5 කට හිමිකම් කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.