Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ කුසලාන වටය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20-14 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ක්‍රීඩා සමාජය සමත් විය.
එහිදී පරාජයට පත්වුවද ලකුණු 7 කට අඩු පරතරයකන් පරාජයට පත්වීම හේතුවෙන් හැව්ලොක්ස් කණ්ඩායමට එක් ප්‍රසාද ලකුණක් හිමි විය. මෙම කණ්ඩායම් දෙක අතර තරගාවලියේ මූලික වටයේදී පැවැති තරගය ලකුණු 53-42 ක් ලෙස ජයගනු ලැබූවේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය විසිනි.
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී ලැබූ 7 වැනි ජය මෙය වූ අතර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය එහිදී ලැබූ 2 වැනි පරජයද මෙය විය. විදුලි ආලෝකය මධ්‍යයේ ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ දෙවැනි අර්ධය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
තරගය ආරම්භ වී විනාඩි 5 ක් ගතවන විට උත්සාහක දිනුමක් ලබාගත් ෂෙනාල් අධිකාරම් සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සුබේර් දොරේ එය ගෝල දිනුමක් බවට පත් කළේය.
කෙසේ වුවත් එතැන් පටන් විනාඩි 7 ක් ගතවන විට එනම් 12 වැනි විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සහක දිනුමක් ලබාගත් මොහොමඩ් රිෆාන් සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත කණ්ඩායම් දෙකේ ලකුණු සම තත්වයට පත් කළහ.
තරගයේ 19 වැනි සහ 22 වැනි විනාඩි වලදී සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර දෙකම සාර්ථක කරගත් සුබේර් දොරේ, ඉන් නොනැවතී 29 වැනි විනාඩියේදී නායක ගැමුණු චේතිය ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 20 ක් දක්වා ඔසවා තැබුවේය.
පළමු අර්ධය නිමා වීමට විනාඩි 6 ක් ඉතිරිව තිබියදී (34 වැනි විනාඩියේදී) හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම ලබාගැනීමට මොහොමඩ් රිෆාන් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ සැමුවෙල් මධුවන්ත විසිනි. කෙසේ වුවත් තරගයේ ප්‍රතිඵලයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.