Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් සති 4ක තරග ඉතිරිව තිබියදී පෙරළිකාර සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය එන්න එන්නම සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව වේගවත් කරමින් සිටී. සී. එච් ක්‍රීඩකයෝ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තවත් තරගයකට හෙට (20) නිත්තවෙල මුහුණ දෙති. පසුගිය සති 2 දීම පිට පිට ජය ලැබූ සී.එච්. කණ්ඩායම හෙට තරගයට එක්වන්නේ මහනුවර පිලේ අපරාජිත බව බිඳ දැමීමට වඩා අනුශූරතාව කෙරෙහි යන ගමන ඉක්මන් කිරිමේ අරමුණින් යුතුවය.
නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන මහනුවර ක්‍රීඩා සමාජය සටනකින් තොරවම පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 58 කට හිමිකම් කියමිනි. තරග 7ක් ජයගත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 41 ක් ලබා දෙවැනි තැන පසුවෙයි. තරග 7ක් ජයගත් නාවික හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණු 40 ක් ලබා හැව්ලොක්ස් පිලේ ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්වී සිටිද්දී සී.එච්.පිල තරග 5ක් ජයගෙන ලකුණු 33ක් ලබා සිවුවැනි තැනට පත්වී සිටී.
කාලයක් පුරා ලීග් රග්බි තරග බිමේ ජයග්‍රහණ අහේනියකට මුහුණදෙමින්ද, සෙසු කණ්ඩායම්වලින් බැට කමින්ද ප්‍රසාද ලකුණු සටහනේ පතුලට වැටී සිටි සී.එච්. කණ්ඩායම මෙවර තරගාවලියට එක්වුයේ වෙනස්ම තාලයේ මුහුණුවරකිනි. පසුගිය වසරේ නාවික හමුදා කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11ක් සමග සෙසු කණ්ඩායම්වලින්ද ප්‍රබල ක්‍රීඩකයන් රැසක් උදුරාගත් සී.එච්.පිල මෙවර තරගාවලිය පුරා ප්‍රබලතම කණ්ඩායම් සියල්ලටම දැඩි හිසරදයක් බවට පත්වී සිටී.
මහනුවර කණ්ඩායම සමග කොළඹ තුරඟ තරග පිටියේ පැවැති පළමු වටයේ තරගයේදී ලකුණු 23-6 කින් සී.එච්.පිල පරාජයට පත්විය. එහෙත් එහිදී මේ ශක්ති සම්පන්න සී.එච්.පිල උත්සාහක දිනුම් දෙකකට වඩා තැබීමට මහනුවර පිලට ඉඩ නොදීම කැපී පෙනුණි.
පුදුමාකාර උත්සාහක දිනුම් පිපාසයකින් පෙළෙමින් සිටි මහනුවර පිලේ ක්‍රීඩකයන් දෙවැනි වටයේ පළමු තරගයේදීම පොලිස් පිල ලකුණු 61-20 කින් පරාජය කළේ උත්සාහක දිනුම් 9ක් තබමිනි. ඊළඟට ගුවන් හමුදා පිලට ලකුණු 64-12 ක පරාජයක් උරුම කර දුන්නේ උත්සාහක දිනුම් 10 ක්ම තබමිනි. පසුගිය සතියේ තරගයේදී සී.ආර්.පිල ලකුණු 50-15 කින් පරාජය කළේ උත්සාහක දිනුම් 8ක් තබමිනි. ඒ අනුව මහනුවර පිල හෙට තරගයේදී සී.එච්.පිල හමුවේ තරග වදින අයුරු කාගෙත් අවධානයට ලක්වී තිබේ.
පසුගිය සතියේදී සි.ආර්.පිලේ රීසා රෆායිඩීන් නීතිවිරෝධි ලෙස බිමට ඇද දැමීම නිසා තරග තහනමක් ලබා සිටින මහනුවර පිලේ ප්‍රබලතම ක්‍රීඩක රිචඞ් ධර්මපාල හෙට තරගයට එක්වන්නේ නැත. ඔහු මෙවර තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් තැබූ ක්‍රීඩකයන් අතර තුන්වැන්නා ලෙස උත්සාහක දිනුම් 8කට හිමිකම් කියයි. පසුගිය සතියේදී ගුවන් හමුදා පිල සමග තරගය පහසු එකක් නිසා සිය ප්‍රබලතම තුරුම්පු දෙකක් වන සජිත් සාරංග සහ අවන්ත ලී පිටියට නොදමා සඟවා ගත් සී.එච්.පිල ඒවා හෙට තරගයට පාවිච්චි කරනු ඇත.
මේ අතර වැලිසරදී සී.ආර්.පිල සමග පැවැත්වෙන තරගය නාවික හමුදා කණ්ඩයාමට අතිශය තීරණාත්මක තරගයක් බවට පත්වී තිබේ. නැවියන් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ fදැවනි තැන පසුවන හැව්ලොක්ස් පිලට වඩා පසුපසින් සිටින්නේ එක් ලකුණකිනි. එබැවින් හෙට තරගය ජයගැනීම නැවියන් කළ යුතුම රාජකාරියක් බවට පත්වී තිබේ.
අනිද්දා (21) හැව්ලොක්ස් පිලේ ප්‍රතිවාදියා බවට පත්වී ඇත්තේ මෙතෙක් කිසිදු ජයක් නොලබා අවසන් තැන සිටින පොලිස් කණ්ඩායමයි. පොලිස් පිටියේ පැවැත්වෙන එම තරගයේ ජය හැව්ලොක්ස් පිල දැනටමත් සහතික කරගෙන සිටී. එබැවින් අනුශූරතාව හඹා යාමේ අරමුණ තව දුරටත් එලෙසින්ම තබා ගැනිමට නම් හෙට තරගය නැවියන් දිනිය යුතුව තිබේ.
යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා පිල අතර තරගය ද හෙට පස්වරුවේ රත්මලානේදී පැවැත්වෙයි. තරගාවලිය ආරම්භයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් මුල් කණ්ඩායම් 4ට එක්වී සිටි යුද හමුදා පිල දැන් පසුවන්නේ 6 වැනි තැනය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.