Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර සිකුරාදා (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 47-20 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් එහිදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණක්ද හිමි විය. කෙසේ වුවත් තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක අතර පැවැති තරගයේදී ලකුණු 25-21 ක තියුණු ජයක් ලැබූවේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය විසිනි.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී ලැබූ 5 වැනි මෙය වූ අතර ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය එහිදී ලැබූ 8 වැනි පරජයද මෙය විය. මෙම තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-14 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලයන්ස් කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධයේදී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වෙමින් දෙවැනි අර්ධයේදී ලකුණු 33 ක් රැස්කළ සී.එච්. ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.
පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් සී.එච්. කණ්ඩායම දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළේය. ශ්‍රී ලයන්ස් කණ්ඩායම පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින්ද, දෙවැනි අර්ධයේදී දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබා ගත්තේය.
එහිදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් දෙවින්ද කුමාර සහ චරිත් ජිනිත උත්සාහක දිනුම් 2 බැගින්ද, ජනිඳු දිල්ෂාන්, නිරෝෂ් පෙරේරා සහ කුමාර රොෂේන් එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රනිත් සිල්වා උත්සාහක දිනුම් 2 ක්ද, චානක චන්දිමාල් එක් උත්සාහක දිනමක්ද ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.