Last Update  :  2025-03-31 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.එච්. දෙවැනි වරටත් නාවිකයන් පරදවයි
අන්තර් සමාජ පළමු පෙළ

සී.එච්. දෙවැනි වරටත් නාවිකයන් පරදවයි

editorial - 2025 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පලඟ වටය යටතේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අද (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 59-16 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් එහිදී සී.එච්. කණ්ඩායමට ප්‍රසාද ලකුණක්ද හිමි විය. සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී නාවික හමුදාව පරාජය කළ දෙවැනි අවස්ථාව මෙය විය. මූලික වටයේදී සී.එච්. කණ්ඩායම හමුවේ නාවික හමුදාව පරාජයට පත් වූයේ ලකුණු 69-24 ක් ලෙසිනි. 

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-11 ක් ලෙස පෙරමුණ ගත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරක වෙමින් තවත් ලකුණු 47 ක් රැස්කළහ. නාවික හමුදා ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. 

පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් සී.එච්. කණ්ඩායම දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 6 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළේය. පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත් නාවික හමුදා කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් මගිනි. 

මෙම තරගයේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ජනිදු දිල්ෂාන් සහ තනුජ දිල්ෂාන් උත්සාහක දිනුම් 2 ක් බැගින්ද, පසිඳු බණ්ඩාර, රවිඳු හෙට්ටිආරච්චි, ජනිත් ලක්සර, දේවින්ද කුමාර සහ තනූජ මාලිම්බඩ එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. නාවික හමුදාව වෙනුවෙන් ප්‍රදීප් රණවීර සහ අමිත් මධුෂංක උත්සාහක දිනුම බැගින් ලබාගත්හ.  

 


අදහස් (0)

සී.එච්. දෙවැනි වරටත් නාවිකයන් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.