සී.ඩී.බී. පිලට 69-66 ක තියුණු ජයක්
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඩී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී ඬේවිඞ් පීරිස් සමාගමට එරෙහිව ලකුණු 69-66 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.ඩී.බී. කණ්ඩායම සමත් විය.
පළමු වටය අවසානයේ ලකුණු 36-32 ක් ලෙස පෙරමුණගත් සී.ඩී.බී. ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 33 ක් එක්කර ගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 34 ක් රැස්කිරීමට ඬේවිඞ් පීරිස් ක්‍රීඩකයෝ සමත් වුවද, පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය නිසා ඔවුන්ට තරගය ජයගැනීමට නොහැකි විය.
කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සී.ඩී.බී. කණ්ඩායමේ ලක්ෂිත ෆොන්සේකා සම්මාන දිනාගත්තෝය.
මෙතෙක් පැවැති ‘සී’ කාණ්ඩයේ තරගවලදී අක්බාර් සහෝදරයෝ කණ්ඩායම සහ මවුලානා ප්‍රවාහන කණ්ඩායමද, ‘ඊ’ කාණ්ඩය ලංකා දුංකොල සංස්ථාව, හේලිස් සමූහ කණ්ඩායම සහ නේෂන් ට්‍රස්ට් බැංකුවද ජයග්‍රහණ ලබා සිටිති.
‘සී’ කාණ්ඩය
■ අක්බාර් සහෝදරයෝ කණ්ඩායම විසින් ලකුණු 73-62 ක් ලෙස රනවන සහ සමාගම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - දිමිත්‍රි ග්‍රේබ් (අක්බාර් සහෝදරයෝ කණ්ඩායම)
■ මවුලානා ප්‍රවාහන කණ්ඩායම විසින් ලකුණු 50-45 ක් ලෙස එච්.එස්.බී.සී. කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - බාතිය සිරිසේන (මවුලානා ප්‍රවාහන කණ්ඩායම)
‘ඩී’ කාණ්ඩය
■ සී.ඩී.බී. කණ්ඩායම විසින් ලකුණු 69-66 ක් ලෙස ඬේවිඞ් පීරිස් සමාගම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ලක්ෂිත ෆොන්සේකා (සී.ඩී.බී. කණ්ඩායම)
‘ඊ’ කාණ්ඩය
■ ලංකා දුංකොල සංස්ථාව විසින් ලකුණු 56-47 ක් ලෙස මාස් හෝල්ඩිංග්ස් ‘සී’ කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - කනිෂ්ක රවින්ද්‍ර (ලංකා දුංකොල සංස්ථාව)
■ හේලිස් සමූහ කණ්ඩායම විසින් ලකුණු 43-22 ක් ලෙස ක්‍රේටිව් මුදෘකාංග කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - රිෂේන් ප්‍රනාන්දු (හේලිස් සමූහ කණ්ඩායම)
■ නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් ලකුණු 47-37 ක් ලෙස ඩබ්ලිව්.එස්.ඕ.2 කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - රුක්ෂාන් ෆර්ඩිනෑන්ඩෝ (නේෂන් ට්‍රස්ට් බැංකුව)
-036