Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලකුණු 42 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී. කණ්ඩායම අද (07 වැනිදා) සමත්විය.
සී.සී.සී. පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් රැස්කිරීමට සමත්විය. තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දු 41 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් වේගවත් ලකුණු 74 ක් රැස්කරමින් සී.සී.සී. කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.
ද්‍රවිඩ සංගම් පිලේ අනෙක් පන්දු යවන්නන්ට පහර පිට පහර වදින විට බිනුර ප්‍රනාන්දු ඕවර 4 කදී ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත් නමුත් තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට නොහැකිවිය.
ජයග්‍රහණය සදහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් පිල ලකුණු 131 කට සීමා කිරීමට සචිත් පතිරණ ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ. සචිත් පතිරණ ඕවර 4 ක් යවමින් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සී.සී.සී. පිලට ලකුණු 42 ක ජයක්
සී.සී.සී - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 173
(මාධව වර්ණපුර 35, වනිඳු හසරංග 74, ළහිරු මධුශංක නොදැවී 24, බිනුර ප්‍රනාන්දු 15/2, ප්‍රමෝද් ලියනගමගේ 39/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 18.2 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(මනෝජ් සරත්චන්ද්‍ර 35, කිත්රුවන් විතානගේ 26, සචිත් පතිරණ 17/4, නුවන් තුෂාර 32/2)
ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.