Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීකුගේ නොදම්ප්ටන්ෂයර් පිලට

සීකුගේ නොදම්ප්ටන්ෂයර් පිලට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිලේ විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා වන සීකුගේ ප්‍රසන්න මීළඟ ගිම්හානය සඳහාත් එංගලන්තයේ නොදම්ප්ටන්ෂයර් පිලට බඳවාගෙන තිබේ. එංගලන්තයේදී පැවැත්වෙන ‘නැට්වෙස්ට්’ කුසලාන විස්සයි-20 තරගාවලිය සඳහා සීකුගේ ක්‍රීඩා කරන දෙවැනි අවස්ථාව මෙයයි.

වසර 2016 දී සීකුගේ ප්‍රසන්න නොදම්ප්ටන්ෂයර් පිල වෙනුවෙන් තරග 10 ක් ක්‍රීඩා කළ අතර එවර නොදම්ප්ටන්ෂයර් පිල විස්සයි-20 කුසලානය දිනාගත්තේය. නොදම්ප්ටන්ෂයර් පිලේ මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ජූලි මස 4 වැනිදා ලීස්ටර්ෂයර් පිලට එරෙහිව පැවැත්වෙන තරගයෙනි.

“2018 තරගවාරය සඳහා සීකුගේ අපිත් එක්ක සිටින එක ගැන ඉතාමත් ෂතුටු වෙනවා. විස්සයි-20 තරග සඳහා හොඳ තත්ත්වයේ පා දඟ පන්දු යවන්නකු කණ්ඩායමේ සිටින එක ඉතාමත් වැදගත්” යයි නොදම්ප්ටන්ෂයර් පිලේ ප්‍රධාන පුහුණුකරු ඬේවිඞ් රිප්ලි මහතා පැවසීය.

සියලුම ආකාරයේ විස්සයි-20 තරග වලදී ලකුණු 1114 ක් රැස්කරගෙන ඇති සීකුගේ ප්‍රසන්න කඩුලු 78 ක් දවාගෙන තිබේ.

 

- බී.බී.සී ඇසුරිනි

 


අදහස් (0)

සීකුගේ නොදම්ප්ටන්ෂයර් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.