Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීකුගේ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය ගෙනේ

සීකුගේ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය ගෙනේ

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම නවසීලන්ත ‘ඒ’ පිල පරදවා ලකුණු 44 ක ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සම කිරීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ලකුණු 289 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත ‘ඒ’ කී‍්‍රඩකයෝ අද සවස 5.40 ට පමණ මන්දාලෝකය නිසා තරගය නතර කරන විට  ඕවර 40 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියහ. ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව කඩුලූ 7 ක් දැවී සිටි නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම තරගයේ 40 වැනි  ඕවරය නිමා වන විට ලකුණු 240 ක් ලබාගත යුතුව තිබූ හෙයින් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ලකුණු 44 ක ජයක් හිමිවිය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පා දග පන්දු යවන කී‍්‍රඩක සීකුගේ ප‍්‍රසන්න  ඕවර 10 කදී ලකුණු 38 ක් පමණක් දෙමින් කඩුලූ 5 ක් දවාගෙන ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

නවසීලන්ත ‘ඒ’ පළමු කඩුල්ල වෙනුවෙන්  ඕවර 7 කදී ලකුණු 43 එක් කිරීමට ඇන්ටන් ඩෙවිසිච් (36) සහ අනාරු කිචන් සමත් වූ නමුත් සීකුගේ පන්දුව අතට ගැනීමත් සමගම තත්ත්වය වෙනස් විය. සිය පළමු පන්දුවේදීම අනාරු කිචන් පිටියෙන් ඉවතට යැවූ සීකුගේ 16 වැනි  ඕවරය වන විට කඩුලූ 3 ක් බිම දමා තිබිණ. එතැන් සිට නවසීලන්ත පිතිකරුවෝ පසු පාදයට වැටුණහ.

ග‍්‍රාන්ට් එළියට් (63) සහ ඩැරිල් මිචෙල් (36) දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක් එක් කළද සීකුගේ විසින් කරන ලද හානිය පිළිසකර කර ගැනීමට ඔවුන් දෙදෙනාට නොහැකි විය. පස්වරු 5.40 වන විට හන්තාන කඳු වළල්ලෙන් හිරු සැගවීයාම නිසා කී‍්‍රඩාංගණය අඳුරේ ගිලී යද්දී විනිසුරුවරුන් වූ රවීන්ද්‍ර විමලසිරි සහ ප‍්‍රගීත් රඹුක්වැල්ල දෙදෙනාට තරගය නතර කරනවා හැර වෙනත් විකල්පයක් නොතිබිණ.

පිට පිටම දෙවැනි වතාවටත් පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා (65) සහ දිමුත් කරුණාරත්න (81) දෙදෙනාගේ අඩිතාලම මත සිට ශී‍්‍ර ලංකා ‘ඒ’ කී‍්‍රඩකයෝ ඉනිම ගොඩනැංවූහ. දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ද සමගින් පන්දු 61 කදී ලකුණු 65 ක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා, ෂෝට් එක්ස්ට‍්‍රා කවර්ස්හි සිටි අනාරු කිචන්ගේ උඩපන්දු රැකීමකින් දැවී ගියද මෙම තරගාවලිය පුරාම ඉතාමත් සාර්ථක පිතිහරඹයක නිරතවූ දිමුත් කරුණාරත්න, තමන්ට බාරවූ වගකීම අකුරටම ඉටුකරමින් ලකුණු 81 ක් ලබාගත්තේ පන්දු 105 කට මුහුණ දෙමිනි. ඒවායින් 5 ක් හතරේ සීමාව පසුකර ගියේය.

තනි සහ යුගළ ලකුණු වලින් ලකුණු පුවරුව කි‍්‍රයාත්මක කළ දිමුත් කරුණාරත්න තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගත්තේ ස්වභාවයෙන්ම ආක‍්‍රමණශීලී පිතිකරුවකු වන කුසල් ජනිත්ට ලකුණු පසුපස හඹා යන්නට ඉඩදෙමිනි. වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් සිය අර්ධ ශතකය සඳහා මුහණ දුන්නේ පන්දු 35 කට පමණි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 2 කට දැවී ගියද ඇන්ජලෝ පෙරේරා (36) සමග එක්වූ කරුණාරත්න, තුන්වැනි කඩුල්ල වෙනුවන් ලකුණු 76 ක් එක්කළ අතර 40 වැනි  ඕවරය ආරම්භ වන විට කඩුලූ 6 ක් අතැතිව සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් පුවරුවේ ලකුණු 204 ක් සටහන් වී තිබිණ.

එතැන් සිට තම කඩුලූ ගැන කිසිදු තැකීමක් නොකළ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ ලකුණු හඹා යන්නට වූහ. 40 වැනි  ඕවරයේ සිට 45 වැනි  ඕවරය දක්වා ලකුණු 40 ක් ලබාගත් ඔව්හු ඉතිරි  ඕවර 5 දී තවත් ලකුණු 47 ක් ලබාගත්හ. මෙම ලකුණු 87 සඳහා චතුරංග ද සිල්වා (පන්දු 25 කින් ලකුණු 37), අෂාන් පි‍්‍රයන්ජන් (පන්දු 10 කින් 14), රමිත් රඹුක්වැල්ල (පන්දු 9 කින් 13 යි) සහ සචිත‍්‍ර සේරසිංහ (පන්දු 7 කින් 7 යි) දායක වූහ.

ලකුණු පුවරුව

 


අදහස් (4)

සීකුගේ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.