Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය මේ මස 23 දා

සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය මේ මස 23 දා

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය මේ මස 23 වැනිදා සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 6 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා මේ වන විටත් රියදුරන් සහ ධාවකයන් 130 කට ආසන්න පිරිසක් තම සහභාගීත්වයන් තහවුරු කර ඇත.

 

සියැට් සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සපයන අතර විශේෂ අනුග‍්‍රාහකත්වය දැක්වීම සඳහා ලංකා බැංකුව ඉදිරිපත්වී සිටියි.

එටිසලාට්, බ‍්‍රැන්ඞ්ටෙල්, හොන්ඩා සහ මහජන බැංකුව යන සමාගම් සහ ආයතන තරගාවලියේ සම අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කරයි.

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය මේ මස 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.