Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුගතදාස පිටියේ මේ වන විට අබලන්ව පවතින කෘතිම ධාවන පථයේ අලූත්වැඩියා කටයුතු ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එහිදී පළමු හා දෙවැනි මංතීරු දෙක මුළුමනින්ම ගලවා ඉවත් කර අලූතින් ඇතිරීමට දැන් තීරණයවී තිබේ.
පළමු ශ්‍රේණියේ සහතිකයක් ලබාගත් සුගතදාස ක‍්‍රීඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය ඉදිකිරීමෙන් කෙටි කාලයක් තුළදී තැනින් තැන අබලන්වීමෙන් මේ වන විට එය මලල ක‍්‍රීඩා තරග සඳහා භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්වී ඇතැයි වාර්තාවේ.
රුපියල් මිලියන 113 ක වියදමින් ඉදිවූ ධාවන පථයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එහි ඉතිරි රුපියල් මිලියන 30 ක ගෙවීම් අත්හිටුවීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා නියම කර තිබේ.
කෙසේ වුවත් ඉදිකිරීම් කළ විදේශීය නියෝජිත ආයතනයේ නියෝජිතයන් පිරිසක් ඉකුත්දා දිවයිනට පැමිණ සුගතදාස පිටියේ නිරීක්ෂණ වාර්තාවක නිරතවූ බවද වාර්තාවේ.
ඒ අනුව ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ධාවන පථයේ කඩතොළු ඇතිවී තිබෙන පළමු හා තෙවැනි මංතීරු දෙක මුළුමනින් ගලවා එය අලූතින් ඉදිකළ යුතු බවයි.
සුගතදාස පිටියේ කෘත‍්‍රිම ධාවන පථයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය කළ දේශීය නියෝජිත ආයතනයේ ප‍්‍රකාශකයකු ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ මුළු ධාවන පථයේ මීටර 40 ක පමණ ප‍්‍රදේශයක කඩතොළුවීම් හඳුනාගෙන තිබෙන බවය. ධාවන පථයට සම්බන්ධ වන දුර පැනීම ඉසව්ව සඳහා යොදා ගන්නා ප‍්‍රදේශයේද කඩතොළුවීම් කීපයක් හඳුනාගෙන තිබෙන බැවින් එම ප‍්‍රදේශයේද අලූත්වැඩියාවක් කළ යුතු බවද එම ප‍්‍රකාශකයා පැවසීය.
දේශීය නියෝජිත ආයතනයේ අදහස වන්නේ ධාවන පථයේ හානිවීම් වලට හේතුව එහි සීමා රහිත පාවිච්චිය බවයි. කෘත‍්‍රිම ධාවන පථය ඉදිකළේ තරඟ ධාවන පථයක් ලෙස වුවත් එය පසුව පුහුණු ධාවන පථයක් ලෙස යොදා ගැනීමත් නිසි නඩත්තුවක් නොමැතිවීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ඔව්හු පෙන්වා දෙති.
එසේ වුවත් ක‍්‍රීඩා ඇමැතිවරයා එය ප‍්‍රතික්ෂේප කරමින් පැවසුවේ විදේශීය ඉදිකිරීම් ආයතනය අපේක්ෂිත අරමුණු වලින් බැහැරව එම ප‍්‍රකාශ කරන බවයි. නැවැත ධාවන පථයේ අලූත්වැඩියාව ගිවිසුම් ප‍්‍රකාරව ඔවුන්ට පැවරෙන බවද ඇමතිවරයා පැවසීය.
තත්ත්වය මෙසේ තිබියදී සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරියෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත්දා ඉදිරිපත් කර සිටියත් එය ඉහළින් ප‍්‍රතික්ෂේපවූ බව දැනගන්නට ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.