Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණය (2015-17) සඳහා ඌව මහ ඇමැති හරින් ප‍්‍රනාන්දු මහතා ඉදිරිපත්වීමත් සමග එම නිලවරණය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
ලබන මැයි 14 වැනිදා පෙරවරු 9ට ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිත මෙවර මලල කී‍්‍රඩා නිලවරණයේදී සභාපති ධූරයට හිටපු ප‍්‍රවීණ මලල කී‍්‍රඩක සුගත් තිලකරත්න හා උපාලි කුමාරසිරි යන මහත්වරුන්ද නාමයෝජනා බාරදී තිබේ. නාමයෝජනා බාරගැනීම පෙරේදා (15) නිමාවට පත්වූ අතර විරෝධතා සලකා බැලීම ලබන සඳුදා (20) සිදුකෙරේ.
ඌව මහ ඇමැතිවරයා ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමය නියෝජනය කරමින් නාමයෝජනා බාරදී තිබේ. ඔහු නිතරගයෙන් මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ධූරයට පත්වීමට අපේක්‍ෂාවෙන් පසුවන බවද වාර්තාවේ.
මේ අතර පසුගිය 9 වැනිදා මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිධූරයට නාමයෝජනා භාරදුන් හිටපු මලල කි‍්‍රඩක, නුවරඑළිය දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතාට නාමයෝජනා ඉවත් කරගන්නා ලෙස බලපෑම් එල්ලවී ඇතැයිද මලල කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ පිළිබඳව ”ලංකාදීප” කළ විමසුමකට පිළිතුරු දුන් තිලකරත්න මහතා පැවසුවේ තමන් තිරණය වෙනස් නොකරන බවත් ක්‍ෂේත‍්‍රයේ බොහා් දෙනකුගේ ඉල්ලීම පිට ඉදිරිපත්වූ තමාට ඔවුන්ගේ විශ්වාසය කඩ කළ නොහැකි බවත්ය.
කිසිදු බලපෑමකට යටත් නොවන තමා යොදා ගත් පරිදි මලල කී‍්‍රඩා නිලවරණයට තරගවදින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර ප‍්‍රධාන ලේකම් ධුරයට සුනිමල් රූපසිංහ හා පාලිත ජයතිලක යන මහත්වරුන් නාමයෝජනා බාරදී තිබෙන අතර භාණ්ඩාගාරික ධුරයට වත්මන් උප භාණ්ඩාගාරික ට්‍රොනාඩෝ ජයසුන්දර මහතා නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.
වෙනත් නාමයෝජනා ඒ සඳහා ඉදිරිපත් නොවූ බව දැනගන්නට ලැබෙන අතර එසේ වුවහොත් ඔහු එම ධුරයට නිතරගයෙන් පත්වනු ඇත. කෙසේ වුවත් වත්මන් භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා මෙවර එම ධුරයට ඉදිරිපත් නොවීම කැපී පෙනේ.
ජාතික කී‍්‍රඩා සංගම් තනතුරු නිලධාරියකුට දැරිය හැකි කාලසිමාව අතීතයට බලපාන අන්දමින් උපරිම සිවු වසරකට සිමාකිරීමට කි‍්‍රඩා අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණය හමුවේ මලල කී‍්‍රඩා සංගමයේ වත්මන් නිලධාරි මණ්ඩලයෙන් මෙවර නිලවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ගත්තේ ට්‍රොනාඩෝ ජයසුන්දර හා කිරාන් අතපත්තු යන මහත්වරුන් පමණි.
මෙවර මලල කී‍්‍රඩා නිලවරණයේ උප සභාපති ධුර හතක් සඳහා නාමයෝජනා 15කට ආසන්න ගණනක් ඉදිරිපත්වී ඇතැයිද දැනගන්නට ඇත.
මෙවර මලල කී‍්‍රඩා නිලවරණයේදී ඡන්ද බලය හිමි දිස්ති‍්‍රක් හා අනුබද්ධ සංගම් ගණන 36කට සීමාවී තිබේ. ඒ අතර කී‍්‍රඩා සමාජ පහක්ද වේ.
මන්නාරම හා මුලතිව් යන දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගම් දෙකේ ඡන්ද බලය ක‍්‍රියාකාරී නොවීම හේතුවෙන් අහෝසි කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.