Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (9 වැනිදා) සමත් විය. නෙදර්ලන්තයට එරෙහිව හරාරේහි පැවැත්වෙන අවසන් මහ තරගයේදී ලකුණු 128 ක පහසු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව එම ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්තයට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 23.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. එහිදී මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක් බිඳහෙළු අතර දිල්ෂාන් මධුෂංක කඩුලු 3 ක්ද, වනිඳු හසරංග කඩුලු 2 ක්ද දවාගනිමින් නෙදර්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා තීක්ෂණට අනගි සහායක් දුන්හ.
නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු මැක්ස් ඔඩොව්ඩ් පන්දු 63 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 33 ක් ලබාගත්තේය. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ලෝගන් වැන් බීක් පන්දු 24 කින් ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. එහෙත් පිතිකරුවන් 8 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවීයෑම නෙදර්ලන්තයට විශාල පාඩුවක් බවට පත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ දිමුත් කරුණාරත්න කළවේ ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර පැතුම් නිස්සංක සමගින් සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේය. කෙසේ වුවත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ඔවුන් දෙදෙනා අපොහොසත් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 44 ක් වන විට වික්‍රම්ජිත් සිංගේ පන්දු හමුවේ දෙදෙනාටම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූහ.
සදීර ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් හිස්වූ අංක 4 ස්ථානයට උසස් වීමක් ලැබූ සහන් ආරච්චිගේ ප්‍රවේසම් සහගත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 71 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 57 ක් රැස්කළේය. මෙය ඔහුගේ මංගල එක්දින තරගයට නොවුණද, පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි පළමු තරගයේදීම අර්ධ ශතකයක් ලබාගත් ක්‍රීඩකයකු ලෙස ඔහු වාර්තා අතරට එක් විය.
කුසල් මෙන්ඩිස් (43) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සහන්, ඉන් නොනැවතී චරිත් අසලංක (36) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන්ද පන්දු 75 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 52 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
මුලු ලකුණු සංඛ්‍යාව 180 ක්ව තිබියදී සකීබ් සුක්ෆිකර්ගේ පන්දුවක් හමුවේ රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට යෑමේදී ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස සහන් දැවී ගියේය. ඔහුගේ දැවී යෑමත් සමග ලකුණු 10 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳවැටීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරුතාවකට පත් විය. එහෙත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක් එක්කළ වනිඳු හසරංග (29) සහ මහීෂ් තීක්ෂණ (13) ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ආහ.
තරගාවලිය පුරා පිතිකරුවකු ලෙස අසාර්ථක වූ දසුන් ශානක මෙම තරගයේදීත් නායකයාගේ වගකීම පැහැර හරිමින් එක් ලකුණකට දැවී ගියේය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 8 න් තරග 5 කදී පන්දුවට පහරදුන් දසුන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 1, 5, 0, 5 සහ 1 ක් ලෙසිනි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 2.4 ක් දක්වා පහළ වැටී තිබිණ. ඉන් තරග 4 කදීම ඕවර 50 නිමාවීමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවෝ දැවී ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.