Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු හෝ දෙවැනි ස්ථානවලට පත්වෙමින් මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් වුවහොත්, එහිදී ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ඔක්තෝබර් මස 7 වැනි දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලිහිදී පැවැත්වීමට නියමිතය.
“ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්නේ නම් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී හිමිකරගන්නා ස්ථානය කුමක් වුවද, ඔවුන් ලෝක කුසලාන තරග කාලසටහනට එක්වන්නේ සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම ලෙසිනි.” යනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාව එළිදැක්වූ නිවේදනයක සඳහන් වේ.
ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්නේ නම් එහි මූලික වටයේදී ශ්‍රී ලංකාවට දිල්ලි, හයිද්‍රාබාද්, ලක්නව්, බැංගලෝර්, පූනේ සහ මුම්බායි යන නගරවලදී තරග වැදීමට සිදුවනු ඇත. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මුම්බායිහිදීද, දෙවැනි අවසන් පූර්ව තරගය කොල්කටාහිදීද පැවැත්වේන අතර අවසන් මහ තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් මස 19 වැනිදා දක්වා බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, ධරම්ශාලා, හයිද්‍රාබාද්, අහමදාබාද්, කොල්කටා, ලක්නව්, මුම්බායි සහ පූනේ යන ක්‍රීඩාංගණ 10 දී පැවැත්වේ. අවසන් වරට පැවැති 2019 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ එංගලන්තය සහ අනු ශූරයන් වූ නවසීලන්තය අතර මෙවර තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වේ.
සමාරම්භක තරගය සහ අවසන් මහ තරගයට අමතරව සාම්ප්‍රාදායික ප්‍රතිවාදීන් ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානය මෙන්ම එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන තරග දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේද අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය. එම තරග දෙක පිළිවෙලින් ඔක්තෝබර් මස 15 වැනිදා සහ නොවැම්බර් මස 4 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත තරග
ඔක්තෝබර් 7 - දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලිහිදී
ඔක්තෝබර් 12 - පාකිස්තානයට එරෙහිව හයිද්රාබාද්දී
ඔක්තෝබර් 17 - ඕස්ටේ්රලියාවට එරෙහිව ලක්නව්හිදී
ඔක්තෝබර් 21 - සුදුසුකම් ලබන සෙසු කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී
ඔක්තෝබර් 26 - එංගලන්තයට එරෙහිව බැංගලෝර්හිදී
ඔක්තෝබර් 30 - ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පූනේහිදී
නොවැම්බර් 2 - ඉන්දියාවට එරෙහිව මුම්බායිහිදී
නොවැම්බර් 6 - බංග්ලාදේශයට එරෙහිව දිල්ලිහිදී
නොවැම්බර් 9 - නවසීලන්තයට එරෙහිව බැංගලෝර්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.