Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුනිල්ගේ ශතකය කොදෙව් පිල ඉහළට ගෙන යයි

සුනිල්ගේ ශතකය කොදෙව් පිල ඉහළට ගෙන යයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර ජැමෙයිකාහිදී පැවැත්වෙන පළමු සිවුදින තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 364 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 145 කට කඩුලු 4 ක් ලෙස පැවැති කොදෙව් ලකුණු පුවරුව ඉහළ දමමින් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 136 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට විශෝල් සිං සහ සුනිල් ඇම්බ්‍රිස් සමත්වූහ.

කඩාවැටුණු කොදෙව් ඉනිම ශක්තිමත් කරමින් තම කණ්ඩායම ලකුණු 300 සිමාවෙන් ඔබ්බට රැගෙන ගිය සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 106 ක් ලබාසිටියදී චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. අසිත ප්‍රනාන්දු අතට උඩපන්දුවක් දෙමින් ඇම්බ්‍රිස් දැවීයන විටදී පන්දු 156 කට මුහුණදී හතරේ පහර 12 ක් ඉනිමට එක්කර ගැනීමට සමත්විය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු විශෝල් සිං දැවියන විට ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 81 ක් පමණි.

ඊයේ දිනයේදී දැවීගිය කඩුලු හතරෙන් දෙකක් චාමිත කරුණාරත්න හිමිකර ගත් අතර අසිත ප්‍රනාන්දු සහ මාලින්ද පුෂ්පකුමාර අතර අනෙක් කඩුලු දෙක බෙදී ගියේය.

දිවා ආහාරයෙන් පසුව මිනිත්තු 40 ක පමණ කාළයක් තරගය පැවැති අතර දෙවැනි දිනයට යැවිය හැකිවූයේ ඕවර 44 ක් පමණි.

 


අදහස් (0)

සුනිල්ගේ ශතකය කොදෙව් පිල ඉහළට ගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.