Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ සුපිරි ලීග් කාණ්ඩයේ පිරිමි ශූරතාව මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කන්ඩායමත්, කාන්තා ශූරතාව මාවතගම මාස් කැෂුවල් ලයින් කණ්ඩායමත් දිනාගත්හ.
අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස කපුගොඩ මාස් ලීනියා ඇක්වා කණ්ඩායම පරාජය කරමින් මිනුවන්ගොඩ ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම පිරිමි ශූරතවට හිමිකම් කීවේය.
සුපිරි ලීගයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා මිනුවන්ගොඩ ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම විසින් රත්මලාන බ‍්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස්, රිදිගම බ‍්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් සහ කටුනායක මාස් ඇක්ටිව් යන කණ්ඩායම් පරාජය කරන ලදි.
කාන්තා ශූරතාව දිනාගැනීමට මාවතගම මාස් කැෂුවල් ලයින් කණ්ඩායමත් සමත් වූ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම පරාජය කරමිනි.
මිනුවන්ගොඩ ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායමේ රංග ප‍්‍රනාන්දු තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
ශූරතා කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට වී. ඒ. ටී. හෝල්ඩිංස් කණ්ඩායම සමත් වූ අතර කාන්තා ශූරතාව දිනාගැනීමට මාවතගම මාස් කැෂුවල් ලයින් කණ්ඩායම සමත් විය.
වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා වෙළෙඳ ආයතන සහ සමාගම් රැුසක් නියෝජනය කරමින් කණ්ඩායම් 96 ක් සහභාගී වූහ.
අවසන් මහ තරග ප‍්‍රතිඵල
සුපිරි ලීගය (පිරිමි)
බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කන්ඩායම (මිනුවන්ගොඩ) විසින් තරග වට 3-1 ක් ලෙස මාස් ලීනියා ඇක්වා කණ්ඩායම (කපුගොඩ) පරාජය කරන ලදි. (25/33, 14/23, 27/25, 25/19)
සුපිරි ලීගය (කාන්තා)
මාස් කැෂුවල් ලයින් කණ්ඩායම (මාවතගම) විසින් තරග වට 3-1 ක් ලෙස බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් (මිනුවන්ගොඩ) පරාජය කරන ලදි. (25/22, 25/15, 16/25, 25/20)
ශූරතා කාණ්ඩය (පිරිමි)
වෘත්තීය පුහුණු අධිකාරි කණ්ඩායම විසින් තරග වට 3-1 ක් ලෙස මාස් ලෙෂර්ලයින් කණ්ඩායම (කපුගොඩ) පරාජය කරන ලදි. (25/20, 19/25, 32/30, 25/20)
ශූරතා කාණ්ඩය (කාන්තා)
මාස් කැෂුවල් ලයින් කණ්ඩායම (මාවතගම) විසින් තරග වට 3-0 ක් ලෙස මාස් ලීනියා කණ්ඩායම (මහනුවර) පරාජය කරන ලදි. (25/15, 25/19, 25/5)
‘ඒ’ කාණ්ඩය (පිරිමි)
වොග් ටෙක්ස් කණ්ඩායම විසින් තරග වට 2-0 ක් ලෙස කෝටලවුඞ්ස් ලංකා කණ්ඩායම පරාජය කරන ලදි. (25/18, 25/17)
‘ඒ’ කාණ්ඩය (කාන්තා)
වොග් ටෙක්ස් කණ්ඩායම විසින් තරග වට 2-0 ක් ලෙස මාස් ස්ටේරච්ලයින් කණ්ඩායම (බියගම) පරාජය කරන ලදි. (25/10, 25/11)
දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
සුපිරි ලීගය (පිරිමි)
දක්ෂතම කී‍්‍රඩකයා - රංග ප‍්‍රනාන්දු (මිනුවන්ගොඩ ඉන්ටිමේට් ඇපරල්)
දක්ෂතම පන්දු සකසන්නා - චතුරංග ප‍්‍රනාන්දු (මිනුවන්ගොඩ ඉන්ටිමේට් ඇපරල්)
දක්ෂතම ප‍්‍රහාරකයා - ලක්ෂාන් සුදසිංහ (කපුගොඩ මාස් ඇක්වා)
සුපිරි ලීගය (කාන්තා)
දක්ෂතම කී‍්‍රඩිකාව - චායා සංජීවනී (මාවතගම මාස් කැෂුවල්ලයින්)
දක්ෂතම පන්දු සකසන්නිය - නිසංකා සඳමාලි (මාවතගම මාස් කැෂුවල්ලයින්)
දක්ෂතම ප‍්‍රහාරිකාව - තක්ෂිලා මධුරංගි (මාවතගම මාස් කැෂුවල්ලයින්)
ශූරතා කාණ්ඩය (පිරිමි)
දක්ෂතම කී‍්‍රඩකයා - ඒ. සිරිපරත් (වෘත්තීය පුහුණු අධිකාරිය)
දක්ෂතම පන්දු සකසන්නා - පැතුම් ප‍්‍රමෝද් (වෘත්තීය පුහුණු අධිකාරිය)
දක්ෂතම ප‍්‍රහාරකයා - නිර්මාල් මාපිටිගම (වෘත්තීය පුහුණු අධිකාරිය)
ශූරතා කාණ්ඩය (කාන්තා)
දක්ෂතම කී‍්‍රඩිකාව - සචිනි නිමන්තිකා (මාවතගම මාස් කැෂුවල්ලයින්)
දක්ෂතම පන්දු සකසන්නිය - එම්. සංජීවනි (මාවතගම මාස් කැෂුවල්ලයින්)
දක්ෂතම ප‍්‍රහාරිකාව - ඒ. අමානි (මාවතගම මාස් කැෂුවල්ලයින්)
තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා
රංග ප‍්‍රනාන්දු
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.