Last Update  :  2025-04-08 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි කොටසේ තරග 17 දා සිට

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි කොටසේ තරග 17 දා සිට

editorial - 2021 අගෝ මස 10 144 Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි තරග මෙම 17 වැනිදා සිට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. කෙසේ වෙතත් අත්හිටුවා තිබූ නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම හා ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) කණ්ඩායම අතර තරගය හෙට  (11) පස්වරු 4ට එම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්ටර් උමාර් මහතා ලංකාදීපයට පැවසුවේ, මෙතැන් සිට තරගාවලියේ සියලු තරග රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පමණක් පවත්වන බවයි.

පසුගිය මැයි මාසයේදී ආරම්භ වූ මෙම තරගාවලිය  අත්හිටුවීමට සිදුවූයේ නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම හා ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිතයන් කීප දෙනකු හඳුනා ගැනීමෙනි.

තරගාවලියේ මෙතෙක් තරග 14 ක් පවත්වා අවසන් කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ යොදා ගත් පරිදි තරගාවලියේ ඉතිරි තරග පසුගිය ජූලි 02 වැනිදා සිට ආරම්භ කිරීමට නොහැකි විය. ඒ අනුව ඉතිරිව තිබෙන තවත් තරග 30ක් පවත්වා අවසන් කළ යුතුය. පාපන්දු සම්මේලනයේ අපේක්ෂාව වන්නේ අගෝස්තු 31 වැනිදාට පෙර ඉතිරි තරග පවත්වා අවසන් කිරීමයි.

ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් නැවතත් ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබේ. ඒ සැප්තැම්බර් 1 වැනිදා මාලේ නුවරදී ආරම්භ වන සාෆ් පාපන්දු ශූරතා තරගාවලිය ඉලක්ක කරමිනි.  සුපර් ලීග් තරගාවලියේ තවත් තරග ඉතිරි වුවහොත් ඒවා සාෆ් පාපන්දු ශූරතා තරගාවලියෙන් පසුව පවත්වා අවසන් කිරීමට  කටයුතු කෙරේ.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ අනුග්‍රහයෙන් ආරම්භ කළ සුපර් ලීග් පාපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රබලතම කණ්ඩායම් 10ක් සහභාගි වෙයි. එම ක්‍රීඩා සමාජ සමාගම් ලෙස ලියාපදිංචි කර ඇත්තේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ රෙගුලාසි නියමයන්ට අනුව යමින් වෘත්තීය මට්ටමේ පාපන්දු තරගාවලියක් පවත්වාගෙන යාමය.

මෙතෙක් පැවැති තරග 14 ප්‍රතිඵල අනුව ‘‘සී හෝක්ස්’’ හෙවත් නාවික හමුදා කණ්ඩායම ඉදිරිපත් වූ තරග තුනෙන්ම ජය ලබමින් ප්‍රසාද ලකුණු නවයක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. දෙවැනි තැන අලුත්ගම රෙඩ්ස්ටාර් ක්‍රීඩා සමාජයට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු හතකටය.


අදහස් (0)

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි කොටසේ තරග 17 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.