Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය ආරම්භ කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඕමානය හෙට (29 වැනිදා) බුලවායෝහිදී තරග බිමට පිවිසෙනු ඇත. මෙම තරගය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතය.
සුපිරි 6 දෙනාගේ වටය තරග 9 කින් සමන්විත වන අතර එම තරග අවසානයේ ප්රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටින කණ්ඩායම් දෙක අවසන් මහ තරගයකට ක්රීඩා කරනු ඇත. අවසන් මහ තරගයේ ප්රතිඵලය කුමක් වුවද, ඊට සහභාගිවන කණ්ඩායම් දෙකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.
සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ශ්රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය ‘බී’ කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. සුපිරි 6 දෙනාගේ වටයේදී ‘ඒ’ කාණ්ඩයේ කණ්ඩයම්, ‘බී’ කාණ්ඩයේ කණ්ඩායම්වලට එරෙහිවද, ‘බී’ කාණ්ඩයේ කණ්ඩයම්, ‘ඒ’ කාණ්ඩයේ කණ්ඩායම්වලට එරෙහිවද ලීග් ක්රමයට අනුව තරග වදිනු ඇත.
සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තමන් නියෝජනය කළ කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටය සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව සුපිරි 6 දෙනාගේ වටයේදී යළිත් තරග නොවදිනු ඇත. එබැවින් මූලික වටයේදී එම කණ්ඩායම් දෙකට එරෙහිව තරග වැදුණ අවස්ථාවන්හි ලැබූ ප්රසාද ලකුණු සමගින් සෑම කණ්ඩායමක්ම සුපිරි 6 දෙනාගේ වටය ආරම්භ කරනු ඇත.
මූලික වටයේදී අපරාජිත බව රැකගෙන සුපිරි 6 දෙනාගේ වටය පිවිසි ශ්රී ලංකාව, එහිදී සහභාගි වන පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව අනිද්දා (30 වැනිදා) බුලවායෝහිදී පැවැත්වෙනු ඇත. සෙසු තරග දෙක සිම්බාබ්වේට එරෙහිව ජූලි මස 2 වැනිදා බුලවායෝහිදීද, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජූලි මස 7 වැනිදා හරාරේහිදීද පැවැත්වීමට නියමිතය.
තරග කාලසටහන
ජූනි 29 - සිම්බාබ්වේ සහ ඕමානය අතර බුලවායෝහිදී
ජූනි 30 - නෙදර්ලන්තය සහ ශ්රී ලංකාව අතර බුලවායෝහිදී
ජූලි 1 - ස්කොට්ලන්තය සහ බ.ඉ. කොදෙව් අතර හරාරේහිදී
ජූලි 2 - සිම්බාබ්වේ සහ ශ්රී ලංකාව අතර බුලවායෝහිදී
ජූලි 3 - නෙදර්ලන්තය සහ ඕමානය අතර හරාරේහිදී
ජූලි 4 - සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර බුලවායෝහිදී
ජූලි 5 - ඕමානය සහ බ.ඉ. කොදෙව් අතර හරාරේහිදී
ජූලි 6 - නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර බුලවායෝහිදී
ජූලි 7 - ශ්රී ලංකාව සහ බ.ඉ. කොදෙව් අතර හරාරේහිදී
ජූලි 9 - අවසන් මහ තරගය හරාරේහිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.