Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුරංග වෙනුවට හේරත් යයි

සුරංග වෙනුවට හේරත් යයි

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වෙමින් සිටියදී අබාධයකට ලක්වූ දකුණතින් වේග පන්දු යවන සුරංග ලක්මාල්ගේ ස්ථානයට රංගන හේරත්ගේ ආදේශ කිරිමට තේරිම් කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන වමතින් පා දඟ පන්දු යවන රංගන හේරත් දණහිසේ ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම එක්දින තරගාවලියෙන් විවේක ගන්නා ටෙස්ට් තරගාවලියට පමණක් සහභාගි කරවීමට මීට පෙර තේරීම් කමිටුව තීරණය කර තිබුණි.

රංගන හේරත් සංචිතයට එකතු කිරීමත් සමග සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ චතුරංග ද සිල්වා සමගින් සංචිතයේ දඟ පන්දු යවන්නන් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.   

සුරංග ලක්මාල් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන නමුත් අවශ්‍ය වුවහෙත් ඔහු ටෙස්ට් තරගාවලියට සහභාගි කරවීමට තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් සිටියි.

තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය මැන්චෙස්ටර්හිදී හෙට (28) දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය එංගලන්ත වේලාවෙන් හෙට පස්වරු 2.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතය.

රටවල් දෙක පළමු තරග දෙකෙන් එක බැගින් ජය ලැබීම නිසා තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා සහ රංගන හේරත්

එංගලන්ත එක්දින සංචිතය:
ඇලිස්ටෙයාර් කුක් (නායක), ජේම්ස් ඇන්ඩසන්, ගැරී බැලන්ස්, ඉයන් බෙල්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ජොස් බට්ලර්, මයිකල් කාබෙරි, හැරී ගානි, කි‍්‍රස් ජෝර්ඞ්න්, ඔයින් මෝගන්, ජෝ රූට්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් සහ කි‍්‍රස් වෝක්ස්


අදහස් (4)

සුරංග වෙනුවට හේරත් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.