Last Update  :  2025-03-03 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමකින් තොරයි
මහ ක්‍රිකට් තරග

සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමකින් තොරයි

editorial - 2025 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 95 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ මහ ක්‍රිකට් තරගය අද (2 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. කෙසේ වුවත් පළමු ඉනිමේ ජයක් ලැබූ නාලන්දා විදුහල මෙවර තරගයේ වැඩි ගෞරව හිමිකර ගත්තේය. 

එහිදී තරගයේ වීරයා සහ දක්ෂතම පිතිකරුවා යන සම්මාන දෙකම තමන් සතුකර ගැනීමට ආනන්ද විදුහල් කණ්ඩායමේ දිනද අතලගේ සමත් වූ අතර දක්ෂතම පන්දු යවන්නා ලෙස ආනන්දු විදුහල් කණ්ඩායමේම ශාරද ජයරත්න සම්මාන දිනාගත්තේය. 

තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ආනන්ද විදුහල කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු නෙතුල එදිරිමාන්න හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 18 ක් ලබා සිටියේය. 

ආනන්ද විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු 324 ට පිළිතරු වශයෙන් නාලන්දා පිතිකරුවෝ කඩුලු 6 ක් දැවී ලකුණු 325 ක් රැස්කළහ. එහිදී නාලන්දාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් නදුල් ජයලත් (111) සහ නායක සදෙව් සමරසිංහ (40) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ නදුල් හතරේ පහර 12 කින් සිය ශතකය සැරසූ අතර සදෙව්ගේ ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත විය. ඉන් නොනැතුණ නදුල්, සිවුවැනි කඩුල්ල සඳහා නෙමිදු අක්මීමන (43) සමග එක්ව තවත් ලකුණු 71 ක් එක් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසීමට නෙමිදු සමත් වෙද්දී, මානස ද සිල්වා හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද, මල්ෂ ප්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණයක් කරා කැඳවාගෙන ගියේය. 

කාසියේ වාසිය දිනූ නාලන්දා නායක සදෙව් සමරසිංහගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට දිනද අතලගේ සමත් වූ අතර එය හතරේ පහර 11 කින් සමන්විත විය. කෙනුල ද සිල්වා (73) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 145 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනද සමත් විය. 


ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 92.2 කදී කඩුලු 6 ක් දැවී 324
(නෙතුල එදිරිමාන්න 49, දිනද අතලගේ 131, කිත්ම විතානපතිරිණ 32, කෙනුල ද සොයිසා 73, මිහින් මුනසිංහ 19, පුන්සර රාජකරුණා 69/2, ඔසඳ ප්‍රමුදිත 80/2) 

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 88.4 කදී කඩුලු 6 ක් දැවී 325
(නදුල් ජයලත් 111, සදෙව් සමරසිංහ 40, මනූප මන්මිත් 23, ඔසඳ ප්‍රමුදිත 19, නෙමිදු අක්මීමන 43, මානස ද සිල්වා නොදැවී 25, මල්ෂ ප්‍රනාන්දු නොදැවී 34, ශාරද ජයරත්න 58/4) 

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 27 
(නෙතුල එදිරිමාන්න නොදැවී 18) 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 

(ඡායාරූප - සුමුදු හේවාපතිරණ)


අදහස් (0)

සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.